අයවැයට රජයේ නිලධාරීන් විරුද්ද වෙති.. නොදන්නවා වැඩ වර්ජන කරන බව දැනුම් දේ…

November 14, 2021 at 10:40 am | lanka C news
අයවැයට රජයේ නිලධාරීන් විරුද්ද වෙති.. නොදන්නවා වැඩ වර්ජන කරන බව දැනුම් දේ…

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර ඇති බවත් රුපියල් 18000ක වැටුප් හෝ දිමනා ලබා නොදුනහොත් පෙර නොදන්වා වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය නිලධාරි වෘතිය සමිති සම්මේලනය පවසයි.

අය වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා නොදීම හේතුවෙන් මිලියන 1.5ක රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

පසුගිය සංඝනනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58000 අවැසි බව සදහන්ව තිබුණද වත්මන් සමයේ සීග්‍රව භාණ්ඩ මිල ඉහල යෑම නිසාවෙන් මේ තත්වය තවදුරටත් ඉහල ගොස් ඇති බවත් ඔවුන් කියා සිටී.

එනිසා ඉදිරි සති කීපය තුලදි මේ පිලිබදව අවධානය යොමු නොකරන්නේනම් පෙර කිසිදු දැන්වීමකින් තොරව වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවද එහි වගකීම රජය භාරගතු යුතුබවද සම්මේලනය වෙනුවෙන් එහි ජාතික සංවිධායකවරයා ලිපියක් යොමු කර ඇත.

– මහින්ද උදයසිරි

57,436 views

13 Comments to “අයවැයට රජයේ නිලධාරීන් විරුද්ද වෙති.. නොදන්නවා වැඩ වර්ජන කරන බව දැනුම් දේ…”

  1. Opa-dupa says:

    ඇයි ඔය ගොල්ලන්ට 65 වෙනකම් වැඩ කරන්න පුලුවන් නෙ. ඒ මදිද . ඕකෙන් වෙන්නෙ වෘත්තිකයො ටික වෙලාවට විශ්‍රාම යාවි . මොකද ඒ ගොල්ලන්ට පුද්ගලික අංශයේ රස්සාවල් තියෙන නිසා . වැඩකට නැති පරිපාලන සෙට් එකයි , අවුරුදු 45 න් පස්සෙ කිසිම පලදායිතාවයක් නැති කම්කරුවොයි නඩත්තු කරන්න තමයි ආණ්ඩුවට වෙන්නෙ . මේ වගේ ලනු දෙන්න ඇත්තේ පරිපාලන නිලධාරීන් තමයි .

  2. දුප්පතා says:

    මේ මූසල බැසිලා රටේ සල්ලි ටික කොල්ලකාලා රට පනියි. බඩු මිල අහස උසට. මුදලාලිලා, බාස්ලා, බාබර්ලා, ත්‍රිවිල් කාරයෝ තම තමන්ට හිතෙන හැටියට තමන්ගේ ගාණ වැඩි කර ගන්නවා. රජයේ සේවකයා හැමදාම එකතැන. කිසි දියුණුවක් නෑ. බැසිලට අනුව රජයේ සේවකයෝ රටට බර වැඩියි. තවත් දීපල්ලා පොහොට්ටුවට.

    • sihala yaka says:

      රටේ සිටිය යුතු ගානට වඩා 4 ගුණයක් රජයේ සේවකයෝ ඉන්නවා. කවුද ඒ අයට ගෙවන පඩි උපයන්නේ?
      පුද්ගලික අංශයේ සේවකයින්.

  3. බන්ඩා says:

    සල්ලි අච්චු ගහල අපි ඔක්කොම පඩි වැඩි කර ගෙන චූන් එකේ තනකොල කමු

  4. Mangala says:

    ඔක්කෝම privatize කරන්න. ඔය සේවකයන් 1/3 කින් ඕයිට වඩා කාර්යක්ෂමව වැඩේ වෙයි

  5. Balana Rala says:

    These are the culprits. There is no discipline, quality and efficiency in the government Sector employees.
    Yet, they want more?
    We experience their arrogance, poor customer service, ill treatments and disrespectful behavior when we try to get anything done from these government services employees yet they want more??? Joke….
    Don’t give them a single cent. Yes not a penny.
    I don’t know why?
    Mehema wenne ai?

    Balana Rala

  6. බන්ඩා says:

    ආණ්ඩුව ලවා සල්ලි අච්චු ගහල අපි ඔක්කොම පඩි වැඩි කර ගෙන චූන් එකේ තනකොල කමු.

  7. ආර්තික ගුරැ says:

    ඩිජිටල් කරනය කර රාජ්‍ය නිලධාරීන් 50% කින් අඩු කල යුතුය්.

  8. ගරසරප says:

    ඒ 16000 එහෙන් අරන් මෙහෙන් දෙන්න. ඔය සල්ලි පුද්ගලික ව්‍යවසායකයෙකුට නයට දෙන්න. පෙට්ටි කඩයක් කරන එකෙකුට පොලී රහිත නයක් දෙන්න.

  9. Con Man says:

    Be careful, 20th amendment in force.

  10. සහොදරය says:

    මේ රටේ ජීවත් වෙන්නෙ රජයෙ සේවකයන් විතරයි ද ඔවුන් ට විතරයි ද ප්‍රසන්න .
    මේ රට කිසිම දවසක දියුණු කරන්න බෙහේ මේ රජයෙ සේවකයන් නිසා