අයවැයට විරුද්ද විය යුතු යයි මා දැඩිව සිටියා.. ජනපති සමග සාකච්චාවෙන් ඡන්දය වර්ජනයට තීරණය කලා..

March 25, 2019 at 6:48 pm | lanka C news
අයවැයට විරුද්ද විය යුතු යයි මා දැඩිව සිටියා.. ජනපති සමග සාකච්චාවෙන් ඡන්දය වර්ජනයට තීරණය කලා..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්දව ඡන්දය දිය යුතුය යන ස්ථාවරයේ තමන් සිටි බව එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

නමුත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී තීරණය වූයේ ඡන්දය දීමෙන් වැලකී සිටීමට නිසා ඒ අනුව කටයුතු කල බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

අයවැය දෙවැනි වර කියැවීමේදී ශ‍්‍රීලනිපය ඡන්දය දීමෙන් වැලකී සිටි අතර අයවැය වැඩි ඡුන්දයෙන් සම්මත විය.

ශ‍්‍රීලනිපය එදින ගත් ස්ථාවරය හේතුවෙන් දැඩි විවේචනයන්ට දේශපාලන වේදිකාවේදී ලක්වෙමින් තිබේ.

41 views
Main News