අයවැයෙන් පසු වාහන මිල වැඩිවෙන හැටි මෙන්න..

November 13, 2021 at 10:02 pm | lanka C news
අයවැයෙන් පසු වාහන මිල වැඩිවෙන හැටි මෙන්න..

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් අයවැය යෝජනා ලෙස ලබාදුන් කිසිවක් මෙවර අයවැයේ සඳහන් නොවන බවත් අයවැය මගින් වාහන මිල අඩුකිරීමට කිසිදු පියවරක් නොගැනීම හමුවේ ඉදිරියේදී මෙරට වාහන මිල තවදුරටත් වැඩිවෙනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මගේ පුද්ගලික මතය නම් අයවැය මගින් වාහන මිල කිසිදු ලෙසකින් අඩු නොවීම නිසා ඉල්ලුම සැපයුම අනුව ඉදියේදී වාහන මිල වැඩිවේවි. ආනයනය කරන වාහන ප්‍රමාණය අඩුවීම තමයි මෙයට හේතුව. මේ නිසා, දිගින් දිගටම මිල වැඩිවීමක් වේ යැයි මම සිතනවා.“

“මුදල් ඇමතිතුමා කිව්වා ඉදිරියේදී වාහන ආනයනය යළිත් යථාතත්ත්වයට පත් කිරීමේදී ප්‍රමුඛත්වය දෙන්නේ විදුලි වාහන වලට කියලා.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකදී ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මේ අදහස් පල කරන ලදී.

176,970 views

3 Comments to “අයවැයෙන් පසු වාහන මිල වැඩිවෙන හැටි මෙන්න..”

  1. Car Crash says:

    රට බංකොළොත්.
    කවද යකෝ මේ වෙලාවේ වාහන ගන්න පිස්සා?
    වාහන විකිනෙන්නේ නැතිව සේල් වල දිරනවා.
    Ikman.lk, රියසෙවන බලන්න වාහන කීයක් මාස 6, 7ක් තිස්සෙ ඇඩ් කරනවද කියලා.
    මේ බංකොළොත් සේල් කාරයන්ගේ වෙළඳ ප්‍රචාර.. වාහන ගනන් යනවා කියන එක.

  2. Dinesh says:

    වාහන ගණන් යනවනම් අලුත් එකක් ගණ්න තියෙන වාහනේ විකුණන්න හොඳනෑ දැන්ම. ඇතිවෙන්න සල්ලි තියෙන අයටනම් මිල ප්‍රශ්ණයක් නෙමෙයිනෙ.

  3. De Silva says:

    But they don’t have a plan to battery issues of existing vehicals