අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්..

October 17, 2021 at 6:19 am | lanka C news
අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්..

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ලබන මස 12දා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය මගින් සිදුකෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න වී තිබේ. මෙයට මාස තුනකට පෙර ඉන්ධන බැරලයක මිල ඩොලර් 65ක් පමණ විය. එම නිසා ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය වාර ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා තිබූ නමුත් ඊට අවසරය ලැබුණේ නැත.

ඉන්ධන මිල අර්බුදය ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත. එහිදීද මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම අයවැය මගින් සිදු කිරීම යෝග්‍ය බවයි. එහෙත් ඉන්ධන මිල ඉහළ යන ආකාරය ගැන කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැත.

– deshaya

39,429 views

7 Comments to “අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්..”

  1. JUDE PERERA says:

    amathi one nehene ihala danna

  2. A Sri Lankan says:

    The way forward is to re-introduce the Pricing Formula with a very specific review points I.e every 3 months or 6 months etc. This way every body will know the estimated cost of fuel for X period.

  3. බයිසන් says:

    මොළ හතා ආව ගමන් පෙට්‍රල් ඩීසල් මිල අඩු කරනවා කියල පම්පෝරි ගැහුව පොහොට්ටු කාරියවසා ලේකම්ගෙ කටේ පිට්ටු ද?

  4. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයට කිරිබත් උයාගෙන කන්න පුලුවන් හොද මිලක් දෙන්න බුදු සර්…………

  5. Minissunge tlreeri mansa kana rajapaksawaru pituwahal karamu wathkam heli karapalla

  6. බුද්ධිමත් චමින්ද අයියා says:

    මේ ආන්ඩුව තෙල් මිල වැඩි නොකර කරන්නෙ ගොං වැඩක්. ගෑස් පෝලිම් වගේ තෙල් පෝලිමකුත් හදල මිල වැඩි කරයි. ලෝක වෙලඳපලේ මිලට ගැලපෙන ලෙස වහාම තෙල් මිල වැඩි කිරීම කල යුතුමයි.

    • Manel says:

      That is only and more practical solution. Govt can not subsidize this commodity forever. Let people get use to it. Even if the govt give at Rs 100 a litre, people will forget it.