අයවැයෙන් වාහන මිල වශාල ලෙස ඉහලට..?

January 10, 2019 at 12:02 am | lanka C news
අයවැයෙන් වාහන මිල වශාල ලෙස ඉහලට..?

එළැඹෙන අයවැය මගින් වාහන සඳහා තවත් බදු පනවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට පෙර අයවැය සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය විසින් තම සංගම්වලට සාකච්ඡාවක් ලබා දුන්දන මෙවර එසේ සාකච්චාවක් හෝ ලබා නොදුන්නේ බදු ඉහල දමන නිසා විය හැකි බවයි.

දැනටමත් වාහන වෙලදාම විශාල වශයෙන් පහල වැටී ඇති බවත් වාහන ගෙන්වීමේදී බැංකුවලට ගෙවන මුදල 200කි%න් වැඩි කිරීම ඇතුළු කාරණා මෙම කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

එමෙන්ම ඩොලරය හමුවේ රුපියල බාල්දු වීම ජපාන යෙන් මුදල විශාල වශයෙන් ඉහල යාම නිසාද වාහන ආනයන වියදම ද විශාල ලෙස ඉහල ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ රුපියල අවප‍්‍රමාණය වීම නිසා පමණක් වාහනයක් අවම ලෙස ලක්‍ෂ තුනකින් මිල ඉහල යනු ඇති බවයි.

එනිසා අයවැයෙන් බදු ඉහල නොදැමුවද වාහන මිල ඉහල දැමීමට සිදුවන බව සංගමයේ සභාපති ඩන්දික සම්බත් මෙරන්චිගේ කියා සිටී.

22,802 Viewers

8 Comments to “අයවැයෙන් වාහන මිල වශාල ලෙස ඉහලට..?”

  1. මාතුපාල says:

    කෝ අර පංචවිද අක්කා, දැන් එයාට තෙමෙන්නෙ නැද්ද?

    • ගන්ජ බන්ඩා says:

      අක්කා හොයාගන ගිහන් මෙංගල් පැදලා සතුටු වෙයල්ලා.

    • සිංහල කොංග්‍රස් says:

      අක්කාය් අක්කගෙ ලොල්ලොය් ඔක්කොම අදත් යූඑන්පී නොකෑවත් යූඑන්පී රට වික්කත් යූඑන්පී රට ෆෙඩරල් කලත් යූඑන්පී මැරෙනකනුත් යූඑන්පී – අපි යූඑන්පී.

  2. Hewage says:

    Why do we need to promote this useless industry in Sri Lanka? Promote local manufacturing. With immediate effect stop importing cars and put as much as taxes on car users and discourage imports of useless cars.

    • සමනලයා says:

      උඹ තෙමීගන ඇවිත් ලාබෙට කාර් දෙනව කිව්ව අක්කට නිදිවදින එකෙක්ගෙ ලොල්ලෙක් නේද?

    • කම්මල් ආචාරියා says:

      infrastructure කියන වචනෙ අහල තියනවද? කාර් හදන්න තියා මෝටර් සය්කලයක් හදන්න තරම් වත් ලංකාවෙ industrial infrastructure එකක් නැහැ ගොනෝ.

  3. Gayantha says:

    ගේන්නෙත් කුනුගොඩවල් ගොඩක් වෙලාවට ( පාවිච්චි කරපුවා, හැප්පිලා හදපුවා ). රටේ වාහනයක් වත් හදන්න ඉඩ දෙන්නෙත් නැත්තේමේ හොර නඩය තමයි.

  4. SL says:

    bring as much as battery powered busses and strengthen the public transport system and it’s efficiency.
    this will encourage people to use public transport .We latterly import our daily transport ,roads, building.how are we going to survive ?

Main News