අයවැයෙන් ශ්‍රීලනිප මහ ඇමතිවරුන් හිගමනට දාලා.. ආණ්ඩුවට, මුදල් ඇමතිට එරෙහිව නඩු දානවා.. – උතුරුමැද මහඇමති
December 5, 2016 at 1:20 pm | lanka C news
පළාත් සභා සදහා මෙතෙක් වෙන් කරනු ලැබු මුදල් මෙවර අයවැයෙන් මුදල් අමත්‍යාංශය විසින් බරපතල ලෙස කප්පාදුවකට ලක් කිරීමට එරෙහිව පළාත් සභා සියල්ලෙහිම මහ ඇමතිවරුන් අධිකරණයට යන බව උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.
බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාද පසුගියදා මාධ්‍ය වෙත කියා සිටියේ පළාත් සභා අටක බලය හොබවන්නේ ශ්‍රිලනිප මහ ඇමතිවරුන් නිසා මෙසේ මුදල් කප්පාදු කර ඇත්තේ ඉදිරි මැතිවණය ඉලක්ක කරමින් දේශපාලන උවමනාව මත බවය.
Ha Ha ha ha Huuuuu
Who are you trying to fool? Did you not know your President only a puppet?