අයවැයෙන් සියළු නඩුවලට බද්දක්.. නීති ක්‍ෂෙත‍්‍රය කැළඹේ..

November 16, 2016 at 12:00 pm | lanka C news
අයවැයෙන් සියළු නඩුවලට බද්දක්.. නීති ක්‍ෂෙත‍්‍රය කැළඹේ..

2017 අයවැය මගින් නඩු පැවරීමේදී ගාස්තුවක් අයකිරීමට කර ඇති යෝජනාව සම්බන්දයෙන් මේ වන විට නීති ක්‍ෂෙත‍්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.

අදාල යෝජනාව මගින් තම ආදායම් අඩු වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ඇතැයිද ඔවුන් සාකච්චා වෙති.

මේ සම්බන්ධයෙන් රජයෙන් මේ වන විටත් විමසීමක් කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා පවසයි.

රජයේ පැහැදිලි කිරීම ලැබුණු පසුව ඒ ගැන සාමාජිකත්වය දැනුවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සදහන් කරයි.

46 views
Main News