අයවැය ජනහිතකාමීයි කියා ශ‍්‍රිලනිපය පක්‍ෂ වෙයි.. ඡන්ද විමසීම අද පස්වරුවේ..

November 18, 2016 at 12:40 pm | lanka C news
අයවැය ජනහිතකාමීයි කියා ශ‍්‍රිලනිපය පක්‍ෂ වෙයි.. ඡන්ද විමසීම අද පස්වරුවේ..

2017 වසර සදහා වූ අයවැය යෝජනාවලිය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට පාර්ලිමේන්තු සිදු කෙරෙයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පිරිසද අයවැයට පක්‍ෂව ඡුන්දය භාවිතා කරන බව ප‍්‍රකාශ කර තිබේ. ඔවුන් කියා සිටින්නේ මෙය ජනහිතකාමී අයවැයක් බවයි.

ඒකාබද්ද විපක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජානාවට විරුද්ද බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත.

දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් විසින් විවාදයේදී සිදුකල අදහස් දැක්වීම්වලින් පෙනෙන්නේ ඔවුන් අයවැයට විරුද්ද නොවන බවයි.

අය වැය තුන්වන වර කියවීමේ විවාදය හෙට සිට ආරම්භ වන අතර දෙසැම්බර් මස 10 දා දක්වා ඡන්ද විමසීම පැවැත්වේ.

6 views

2 Comments to “අයවැය ජනහිතකාමීයි කියා ශ‍්‍රිලනිපය පක්‍ෂ වෙයි.. ඡන්ද විමසීම අද පස්වරුවේ..”

  1. dhane says:

    දෙන්න දෙන්න ගමේ අයත් ඔයාලට හරියටම කෘතුගුණ සලකයි.. එතෙක් දියහැලියෙ කකුලුවො වගේ සතුටින් ඉන්න

  2. CAT says:

    ජන්දය දුන් දේශද්‍රෝහියන්ට සාප වේවා !!!

Main News