අයවැය දෙවන වරටත් පරාදයි.. නගර සභාව ගාලගෝටියක්.. දින නියමයක් නැතිව කල් දමයි…

January 13, 2021 at 2:25 am | lanka C news

දිගන් දිගටම උණුසුම් විමත් සමග බලන්ගොඩ නගරසභාවෙි මාසක රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබිමට සභාපති චාමික ජයමණ විමලසේන මහතා (12) දා කටයුතු කරනු ලැබිය.

බලන්ගොඩ නගරසභාවෙි 2021 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය දෙවතාවක් පරාජය විම හේතුවෙන් සභාපතිවරයා විසින් සභවට ඉදිරිපත් කරන න්‍යාය පත්‍රය පිලිනොගන්නා බවට විපක්ෂ නායක වසන්ත ගුණරතන මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී පැවැසුහ.

එහිදී සභාපති( එ.ජා.ප.) චමික ජයමණ විමලසේන මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර වචන හුවමාරුවක් ඇති වුහ.

පසුව සභාපතිවරයා විසින් සභව පැයකට කල් තැබිමට කටයුතු කලේ. නැවතත් සභව පැයකට පසු ආරම්භ වු අතර එහිදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 03 දෙනා එක්ව සභව තුල කටවුට් ප්‍රදර්ශනය කරමින් විරෝධතා පළ ක⁣හහ.

බහුතර බලයක් ඇති බලන්ගොඩ නගරසභාවෙි සභාපති දුරය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කිිහ.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අනිකුත් මන්ත්‍රීවරැ පස් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා නිහඬව සිටියහ.

සභාව දිගන් දිගටම නැවත උණුසුම් විමත් සමග සභාව දින නියමකින් තොරව කල් දමන බව පවසා සභාපති චාමික ජයමණ විමලසේන මහතා සභාවෙන් පිටව ගියේය.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

12,026 views
Main News