අයවැය පරදවන්න බැරිවුනේ අපට 113 නැති නිසා..

April 8, 2019 at 6:28 am | lanka C news
අයවැය පරදවන්න බැරිවුනේ අපට 113 නැති නිසා..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

සමහරු අපෙන් අහනවා ඇයි අයවැය පරාජය කළේ නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යවන්න මේ අය වැය පාවිච්චි කරයි කියලා ඇතැමුන් හිතුවා. අයවැය පරාජය කරන්නට අවශ්‍ය බහුතරය අප සතුව තිබෙනවා නම් අප විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ නැහැ. අපි එහෙම නම් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙලා දින 51 කින් නැවතත් අපට විපක්ෂයට යන්නට සිදුවුණේ අවශ්‍ය කරන බහුතරය අප සතුව නොතිබුණු නිසා. බහුතරය තිබෙනවා නම් අපි අයවැය පරාජය කර නිකන් ඉන්නේ නැහැ. අපි ආණ්ඩුවක් හදනවා. රට ජාතිය ගැන හිතලා අනාගත පරම්පරාව ගැන හිතලා ඡන්දය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නැහැයි කියන එක මන්ත්‍රිවරුන් අයවැයේ දී තමන්ගේ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවා. මැතිවරණ ජයග්‍රහණයක් හරහා ආණ්ඩු බලය ලබා ගැනීමයි අපේ ඉලක්කය වෙන්නේ. ඒ සඳහා ලැබෙන පළමුවෙනි අවස්ථාවම අපි පාවිච්චි කරනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අද සිට තවත් මාස හයක් වත් නැහැ. ඇමරිකාව මොනවා කිව්වත් රටේ ජනතාවගේ කැමැත්තෙන් තෝරන ජනාධිපතිවරයාට රට භාරදීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරනවා කියන ප්‍රතිඥාව අප ජනතාවට ලබා දෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට 113 නැති හැම අවස්ථාවකම එක්කෝ 113 හදා දෙන්න ඉදිරිපත් වෙනවා. නැතිනම් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයට 113 ඇති බව පෙණුනට පස්සෙ වීරයෝ වගේ එක්සත් ජාතික පක්ෂයට බැණ අඬ ගහමින් එයට විරුද්ධව ඡන්දය දෙනවා. පහුගිය වසර හතර පුරාවටම මේ උපාය දැකලා මේ රටේ ජනතාවට ජවිපෙ කරන රඟපෑම ගැන දැන් හොඳ අවබෝධයක් තිබෙනවා.

අයවැය පරාජය කරන්න තිබුණු හොඳම අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ඡන්දය දීමට නොපැමිණීම නිසා වැළකී ගිය බව කියනව නම් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙකේ පන්තියේ වත් සමත් නැති බව තමයි පෙන්නලා තියෙන්නේ. මොකද දෙකේ පන්තියේදී තමයි එකතු කිරිම අඩු කිරිම සහ සාමාන්‍ය බහුතරය අපි ඉගෙන ගත්තේ. මෙවර අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී හා තුන්වැනි වර කියවීමේ අවස්ථාවේදී ආණ්ඩුවට ඡන්ද 119 ක් තිබුණා. 113 කට වඩා වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබෙනවා නම් විපක්ෂයේ සිටින සියලුම දෙනා ඡන්දය දුන්නත් අයවැය පරාජය කරන්නට බැහැ . ඒ නිසා මේය තමන්ගේ ගණිත දැනුමේ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රකාශයක් පමනයි කියන එක තමයි කියන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

13 views

15 Comments to “අයවැය පරදවන්න බැරිවුනේ අපට 113 නැති නිසා..”

  1. සිරා says:

    ඉතිං මහින්ද කරන්නෙත් ඔබ කියන ඔය ජවිපෙ ගේම් එකමනේ.
    මහින්ද 2015දි රනිල් එක්ක කතා කරලා ජනාධිපතිකම භාර දීලා ගියා…ඊලගට මහින්ද 2018දි රනිල් එක්ක කතා කරලා අගමැතිකම භාර දීලා ගියා….කිරැලපනමැයි රැලියට 2016දි ලක්ෂයක් විතර ආවා කොළඹට ආණ්ඩු පෙරන්න බලාගෙන,මහින්ද කර ඇරියා.2009 කොටි පරාද කල වෙලේ ත්‍රස්තවාදයට,බෙදුම්වාදයට සහයෝගය දැක්වීමේ චෝදනා මත රනිල්ව අත් අඩංගුවට ගන්න තිබ්බා…මහින්ද එය කලේ නෑ.2018 අගමැති කම දුන් වෙලේත් මහ බැංකු හොරකම,ජනාධිපති ඝාතන කුමණ්ත්‍රන චෝදනා යටතේ රනිල්ව අත්අඩංගවට ගන්න තිබුනා…එය කලෙත් නෑ.ඔබ හැම දේම විශ්ලේශනය කරනවා නමුත් ඇයි මේ සරල සත්‍යය තේරැම් ගන්න බැරි?

    • මැතිව් says:

      සිරෝ මහින්ද කරන දේ ගැන හිත හිත දගලන්නේ නැතුව. ආණිඩුව පෙරලන්නන අවශ්‍යනම් ජනතාව එක්ක එකතු වෙන්න. එතකොට කාටවත් ඒක වලක්වන්න බෑ. උදයගේ කතාව හරි. තාවකාලික විසදුම් එපා. ජන්දයකින් ස්තිරව මේ ආණ්ඩුව ගෙදර යවමු.

    • එක්නැලිගොඩ says:

      ජවිපෙ කියන්නේ එජාපයේ වලිගය. ඒක හැමෝම දන්නවා. හාමු රකින ජවිපේ.

    • බුද්ධිමත් රට වැසියා says:

      උදයගේ කතාව හරියටම හරි. දැන් ඕනෑ ජන වරමින් හැදෙන ගෝඨාභය ජනපතිගේ සවිමත් ආණ්ඩුවක්.

    • K.G රංජි says:

      JVP එක ‌කොහොමත් ‌හොරාගේ තමයි.

  2. Cyril says:

    Mona kengediyatada ehenam October wala aanduwak Cartagena pal uney?

    • 20 එපා says:

      ඒ ආණ්ඩුව කරගන්න බැරි වුනේ 113ගේන්න බාරගත්තු එවුන් ඒක මග ඇරපුනිසා. කොටින්ම කියනවනම් මහ මොලකරු කියන බැසිලිකාව වැඩේ කෙලවල දැම්ම.

  3. විශ්ව says:

    විජේවීරගේ ජවිපේ දැන් නෑ. දැන් තියෙන්නේ රනිාල් හාමුගේ ජවිපෙ. ඉතින් ඒක රනිල්හාමු රකින් නැතුව වෙන මොනව කරන්නද?

  4. නිහාල් පාලිත says:

    දැන් හැමෝටම තේරෙනවා සිරිකොතේ ලගින ජවිපේ ගැන. හැබැයි ජෙපි වහලු්නටනම් තවම තේරිලා නෑ වගේ.

  5. මදණායක says:

    113 තිබුනත් මේ වෙලේ ආන්ඩු පෙරලියකට ගිහි්න හූ ඇන් පීයේ පවට කර ගහන්න ඕන නෑ. ජනාධිපති වරණය දිනලා පාර්ලිමේන්තු මැතිවරණය දිනලා සවිමත් ආණ්ඩුවක් හදමු. ජනතාව ඔබ සමගයි

  6. Bandara says:

    කාලෙකින් ගොබ්බයා ඇත්ත කතාවක් කියල තියෙනව. දැන්නම් මනෝහාර ජනාධිපති නීතිඥ ගොබිලා නියම කතාවක් ලියලා දිලා …

  7. මදණායක says:

    ජවිපෙ තමයි යු ඇන් පියේ කාගෙත් සුන්දරී. ගම්මන්පිල මැතිතුමා ගෝඨාභය ජනපති යටතේ සවිමත් ප්‍රගතිශිලී ආණ්ඩුවක් හදමු. අද රටට අවශ්‍ය එයයි.

  8. උදය මැතිඳු හරියටම හරි. මේ මොහොතේ ජනතා රජයක් පත් කර ගැනීමට ජනතාවට මහා මැතිවරණයක් දිය යුතුයි!

    අච්චාරු 113 ක් හදා ගොඩනගන රජයකට ආයුෂ නැත.

  9. Sam says:

    thamange nohakiyawata JVP ekata banala wadak nehe..bahutharay nattanam mona magulakatada 2018 anduwa baragena charter wela gedara giye..mahinda mahattayawath nattama nathi kala..

  10. gadol says:

    මුන් එලවන්න එකම මග ජනතාව පාරට බැසීමයි මැතිසබේ ඉන්න විරුද්ද පක්ෂ 79 ට තනියෙන් ක‍රන්න අමාරුයි අපි ඒ අයට සහයෝගය දිය යුතුය

Main News