අයවැය මැද මන්ත‍්‍රින් දෙදෙනෙක් ගහගනිති..

December 11, 2021 at 12:40 pm | lanka C news
අයවැය මැද මන්ත‍්‍රින් දෙදෙනෙක් ගහගනිති..

බෙන්තොට ප්‍රාදේශීය සභා අයවැය යෝජනා පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සභා රැස්වීමේදී කතා කරමින් යන අතර තුර එජාප මන්ත්‍රී මනුරංග සමරනායක හා සමගි ජන බලවේගයේ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර කලහකාරී තත්වයක් ඇතිවිය.

සමගි ජන බලවේගය මන්ත්‍රීවරයා සභාවට නොගැලපෙන වචන වලින්එජාප මන්ත්‍රී වරයාට බැන ඇදී වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී සභා රැස්වීම දැඩි ලෙස උණුසුම් විය.

විනාඩි කිහිපයක් සභාව ඝෝෂාකාරී තත්වයකට පත් වීමෙන් අනතුරුව සභාපති සරත් ආනන්ද මහතා සභාව යථා තත්ත්වයට පත් කරමින් කටයුතු කරන ලදී.

අනතුරුව සාමාන්‍ය පරිදි සභා රැස්වීම පැවැති අතර බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 8කින් පොදුජන පෙරමුණට බලය තිබෙන පාලක කණ්ඩායම් දිනාගන්නා ලදී .

– තුසිත කුමාර ද සිල්වා

18,780 views

2 Comments to “අයවැය මැද මන්ත‍්‍රින් දෙදෙනෙක් ගහගනිති..”

  1. Silva says:

    අපිට හිතුනේ පාර්ලිමේන්තුවේ කියලා

  2. David Milli-banda says:

    On what basis are these buggers are identified as මන්ත‍්‍රින් ?
    They are just elected members to the Pradeshiya Sabha.

Main News