අයවැය යෝජනාව සදාචාර විරෝධීයි.. මං විරුද්දයි.. – රාජිත

November 22, 2016 at 4:40 pm | lanka C news
අයවැය යෝජනාව සදාචාර විරෝධීයි.. මං විරුද්දයි.. – රාජිත

අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප‍්‍රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් මිලියන 500 ක මුදලක් ජනාධිපති අරමුදලට ප‍්‍රදානය කිරිම සාදාචාර විරෝධී බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ ත්‍ක්‍ඔක්‍ ප‍්‍රඥප්තියට අනුව දුම්කොල සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු සදහා ගණුදෙනු කිරීම සහ දුම්කොල සමාගමක් ලබාදෙන මූල්‍ය ප‍්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ලබාගැනීම උචිත නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ප‍්‍රඥප්තියට රටවල් 182 ක් අත්සන් කර ඇති අතර, ආසියානු කළාපයෙන් ප‍්‍රඥප්තියට අත්සන් කළ පළමු රට ශ‍්‍රී ලංකාවයි. එමගින් ශ‍්‍රී ලංකාව කළාපයේ අනෙකුත් රටවලට ආදර්ශයක් ලබාදී ඇත. එම නිසා දුම්කොල සමාගමෙන් රුපියල් මිලියන 500 ක ප‍්‍රදානයක් ලබාගැනීම ප‍්‍රඥප්තියේ වගන්තිවලට එකඟ නොවන බවත්, එය ගැටළුවක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඒකාබද්ධව රජයේ දායකත්වය මත දුම්කොල විරෝධී වැඩපිළිවෙලක් දියත් කර තිෙබි. වසර 2020 වනවිට දුමෙන් තොර දේශයක් නිර්මාණය කිරීෙමි අරමුණින් දුම්කොළ සමාගමෙන් ලැබෙන විවිධ බදු මුදල් මගින් දුම්පානයට එරෙහි ව්‍යාපෘති රජය විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යාපෘති ක‍්‍රීයාත්මක කරන අතර, ෙමි වනවිට ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීම, බදු ප‍්‍රතිශතය වැඩි කිරිම සහ සියයට 80 රූපමය අවවාද වැනි ක‍්‍රියාමාර්ග ගෙන ඇත. ඉදිරියේ දී දුම්පානය අවම කිරිම සදහා තවත් ව්‍යාපෘති රැසක් දියත් කිරීමට ද රජය තීරණය කර තිෙබි. ඒ අනුව සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හදුන්වාදීම සදහා වූ අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරි සති 02 තුල ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටි. දුම්වැටියක මිල වැඩි කිරිම තුළින් දුමපානය කරන්න්ගේ ප‍්‍රමාණය සියයට 04 සිට 05 දක්වා අවම වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

– නිපුන් ඒකනායක

9 views

3 Comments to “අයවැය යෝජනාව සදාචාර විරෝධීයි.. මං විරුද්දයි.. – රාජිත”

  1. janaka says:

    අනේ යන්න මෙයා* “සදාචාර විරෝදී ” මගේ කට
    මහින්දගේ ආණ්ඩුවට පැනලා මහින්දගෙන් ඇමතිකම් අරගෙන මහින්දගෙන් නොයෙකුත් උදවු අරගෙන මහින්ද එක්ක හිනාවෙන ගමන් කතා කරන ගමන් මහින්දට විරුද්දව හොරෙන් හොරෙන් තැන තැන කුමන්ත්‍රණය කරලා මහින්දට වල කපපු එකා දන්නා සදාචාර විරෝදී දේ මොනවද ?
    සිගරට් කොම්පැනියේ මිලියන් පන්සීය ඒගොල්ලන්ට ඉතුරු කරලා දුන්නොත් පින් අයිතිවේවි එහෙම උනොත් ඉතින් අපි අපිනේ හිමිහිට සලකන්න බැරියැ කියල කොම්පැනියේ බොසා එහෙම කිව්වේ නෑ නේද ?

    * තරු ලකුණ සහිත ස්ථානයට ඔබ කැමති නමක් විශේෂණ පදයක් යොදාගෙන කියවන්න

    • alaya says:

      මුට මිලියන දෙසිය පනහක් වත් හම්බ වෙන්ඩ ඇති ….එහෙම කලත් දුම්කොළ සමාගමට ඉතුරු 250 ලාබයි

  2. SW says:

    Nice try…he he0
    This is a very old trick. Some one from same side stand against the protocol in public just to get people attraction. Like good cop and bad cop. But both same.

Main News