අයවැය සහන ක්‍රියාත්මකයි.. අධිවේගී මාර්ගවල ගාස්තු රුපියල් 50කින් අඩු කෙරේ…
December 31, 2016 at 6:48 pm | lanka C news
2017 රජයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් සියලූ අධිවේගී මාර්ගවල රාත්‍රී 9 සිට පාන්දර 5 දක්වා ධාවනය කරන රථවාහන සඳහා නියමිත ගාස්තුවෙන් රුපියල් 50ක මුදලක් අඩුකිරීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට දින සිට ක්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කරනු ලබන සියලූම රථවාහන වෙනුවෙන් සංශෝධිත ක්‍රමයට මුදල් අය කිරීම සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ප්‍රකාශ කරයි.
– රජිත සමරසූරිය