අයවැය 2/3න් සම්මතයි.. විපක්ෂ නායක සම්බන්ධන් සමග දෙමල සන්ධානයත් පක්ෂ වෙයි..
November 18, 2016 at 6:48 pm | lanka C news
2017 වසර වෙනුවෙන් වූ අයවැය ලේඛණය දෙවන වර කියවීම අද පස්වරුවේ වැඩි ඡන්ද 107න් සම්මත විය.
ඡන්ද 162ක් අයවැයට පක්ෂව ලැබෙද්දී ඡන්ද 55ක් විරුද්දව ලැබින. එජාප හා ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් සමග විපක්ෂ නායක ආර් සම්බ න්ධන් ඇතුළු දෙමල සන්ධානයේ සියළු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡුන්දය දීම විශේෂය.
ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්දව ඡන්දය දුන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ප්‍රේමලාල් ජයසේකර, සිරිපාල ගම්ලත්, චතුර සේනාරත්න, තේනුක විදානගමගේ ඇතූළු මන්ත්‍රීන් හත්දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සබා ගැබේ නොසිටියහ.