මන්නාරමේ මාර්ග කිහිපයක් වැස්සෙන් යටවෙයි…

March 16, 2018 at 2:09 am | lanka C news
මන්නාරමේ මාර්ග කිහිපයක් වැස්සෙන් යටවෙයි…

පසුගිය දිනවල මන්නාරම් දිස්ත්‍රීක්යට බලපෑ අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ඇති වූ වර්ෂාවෙන් අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා එල්ල වී ඇත.

මන්නාරම ශාන්ති පුරම් ,ජීවපුරම්, සිමිරෝන් නගර් හා එමිල් නගර් යන ප්‍රදේශවල පිහිටි අතුරු මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වීම හේතුවෙන් එම ගම්මානයන්හි ජීවත් වන සාමාන්‍ය වැසියන්ගේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

කෙසේ වෙතත් මේ වන විට මන්නාරම් දිස්ත්‍රීක්කයට බලපෑ අයහප්ත් කාලගුණික තත්වයන් ක්‍රමයෙන් අඩු වන ස්වභාවයක් දක්නට ඇති වුවත් මාර්ගයන්හි ගමන් කිරීමට තවත් දින කිහිපයක් අපහසු වන බවටද එම ප්‍රදේශයන්හි වැසියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2 views
Main News