අයාලයේ යන සුනකයින් වසරින් වසර වැඩි වෙලා.. ජල භීතිකාව හිස ඔසවන ලකුණු..

June 24, 2018 at 2:07 am | lanka C news
අයාලයේ යන සුනකයින් වසරින් වසර වැඩි වෙලා.. ජල භීතිකාව හිස ඔසවන ලකුණු..

කිළිනොච්චිය නගරයේ අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් පවතින නිසා ජලභීතිකා රෝගය පැතිර යාමේ අවදානමක් කිළිනොච්චිය දිස්ත්‍රික්කයටද බල පා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙවර කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ගේ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවේදී කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි දුරටත් පවසා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය තුළ පැවති මෙවැනි අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේදී වඩමරච්චි පළාතේ පාසල් ශිෂ්‍යයෙකුද, දෙසැම්බර් මාසයේදී යාපනයේ පුංගුඩුතීව් පළාතේදී සාමාන්‍ය වැසියෙකුද ජලභීතිකා රෝගයට ගොදුරු වී අවාසනාවන්ත ලෙස මිය ගිය බවටයි.

මේ අනුවකිළිනොච්චිය නගරයේ කරණ ලද සමීක්ෂණයකට අනුව අයාලේ යන සුනඛයින් 2016 වර්ෂයේදී 317 ක් පමණද,2017 වර්ෂයේදී 487 ක් පමණද සිටින බවට වාර්තා වූ අතර එම සංඛ්‍යාව මේ වර්ෂයේදී ඊට වඩා ඉහළ යන බවක් පෙනෙන්නට ඇතැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

කිළිනොච්චිය නගරය ආශ්‍රිතව ඇති පළාත් පාලන ආයතන වල සහය ලබාගෙන මේ අයාලේ යන සුනඛයින්ව එන්නත් කිරීමටත්,වදභාවයට පත් කිරීමේ සැත්කම් සිදු කිරීමටත් හෝ අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගත යුතු බවට මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් දිසාපතිවරයාට පෙන්වා දී තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

221 views

One Comment to “අයාලයේ යන සුනකයින් වසරින් වසර වැඩි වෙලා.. ජල භීතිකාව හිස ඔසවන ලකුණු..”

  1. ලපයා says:

    සල්ලිත් වියදම් කරලා බල්ලන්ව බලෙන් වඳ කරන්න දෙයක් නැහැ පිරිමි බල්ලෝ ටික අල්ලලා හිරිකොතට ගිහින් දැම්ම නම් නිකම්ම වඳ වෙනවා. එකේ ඉන්නේ සේරම වඳ වෙච්ච උන් සහ නපුසකයෝ.

Main News