අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි..

April 26, 2018 at 2:03 am | lanka C news
අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි..

කිළිනොච්චිය නගරයේ අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් පවතින නිසා ජලභීතිකා රෝගය පැතිර යාමේ අවදානමක් කිළිනොච්චිය දිස්ත්‍රික්කයටද බල පා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙවර කිළිනොච්චියේ රාජ්‍ය නිලධාරීන්ගේ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවේදී කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි දුරටත් පවසා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය තුළ පැවති මෙවැනි අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේදී වඩමරච්චි පළාතේ පාසල් ශිෂ්‍යයෙකුද, දෙසැම්බර් මාසයේදී යාපනයේ පුංගුඩුතීව් පළාතේදී සාමාන්‍ය වැසියෙකුද ජලභීතිකා රෝගයට ගොදුරු වී අවාසනාවන්ත ලෙස මිය ගිය බවටයි.

මේ අනුවකිළිනොච්චිය නගරයේ කරණ ලද සමීක්ෂණයකට අනුව අයාලේ යන සුනඛයින් 2016 වර්ෂයේදී 317 ක් පමණද,2017 වර්ෂයේදී 487 ක් පමණද සිටින බවට වාර්තා වූ අතර එම සංඛ්‍යාව මේ වර්ෂයේදී ඊට වඩා ඉහළ යන බවක් පෙනෙන්නට ඇතැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.

කිළිනොච්චිය නගරය ආශ්‍රිතව ඇති පළාත් පාලන ආයතන වල සහය ලබාගෙන මේ අයාලේ යන සුනඛයින්ව එන්නත් කිරීමටත්,වදභාවයට පත් කිරීමේ සැත්කම් සිදු කිරීමටත් හෝ අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගත යුතු බවට මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් දිසාපතිවරයාට පෙන්වා දී තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

65 views

4 Comments to “අයාලයේ යන සුනකයින් වැඩි වෙයි.. ජල භීතිකාව හිස ඔසවයි..”

  1. Amda says:

    දැන් ඉතින් ඔක්කොම බල්ලො අල්ලලා මරයි.

    ඒකත් ලෝකෙ පිලිගත් විදියට නෙවෙයි….තිරිසන් අමානුශික විදියට.

    නිකරුනේ පව් පුරව ගන්න එපා මිනිසුනේ ….
    බලු ගහනය පාලනය කරන්න නම් උන්ව වන්ධ්‍යාකරණය කරන්න.
    ඒක පුද්ගලිකව සමාජ මෙහෙවරක් ලෙස කරන සන්විධාන ගොඩක් තියෙනවා අඩු ගානෙ එහෙම ඒවා ට රජයෙ සහයෝගය දෙන්න.

    මිනිස්සු දැනුවත් කරන්න ගෙදර බැල්ලි පැටව් ගැහුවම පාරට දාන්න එපා කියල.

    හරි සැලැස්මකට වැඩ කරනව නම් අවුරුදු 10ක් හෝ 15ක් ඇතුලත ඔය ප්‍රශ්නෙ ඉවරයි.

    මුන්ට හැම එකටම පැලැස්තර විතරයි ස්ථිර විසඳුම් නෑ.

  2. Indika says:

    gon katha liyanna epa yako. Meka ratema prashnayak.
    Otaralage weda nisa ballo iwath karana eka nawaththala keedenek ballo kanawada.

    Injection walata kochchra wiyadanda?
    Bicycle karayo keedenek wetila paralowa giyada…
    wandyakarnaya karala prashne wisadennne ne.

  3. FREE says:

    අපේ ඇමති මණ්ඩලේ ඇමති තුමෙක්ගෙ ප්‍රිය බිරින්දෑ කොළඹ ලොකු බලු සංගමයක ප්‍රධාන නිළධාරිණියක්.එතුමිය බලු අයිතිවාසිකම් පිළිබඳ මනා දැනුමක් ඇති සත්වවේදිනියක්.ඇගෙන් මේ දඩාවතේ යන බලු ප්‍රශ්ණයට විසඳුම් ලබා ගන්න හැකි වේවි.

  4. True says:

    මචං ඇම්ඩා, උඹගේ කතාවට සහතික ඇත්ත මචං. එහෙම සැලැස්මක් ඇතුව වැඩක් කරගන්න පුළුවන් කමක් මේ රට කරන ගොන් රැලට නැ බන්.. අඩුම ගානේ ලේසියෙන්ම මේ වෙනුවෙන්ම ඇප කැප වෙලා වැඩ කරන පුද්ගලික ආයතනයකට හරි රජයෙන් සපෝර්ට් එකක් දුන්නනම් කොච්චර හොදද. ඉන්දික කියල හිතක් පපුවක් නැති බල්ලෙකුටත් අන්ත තිරිසනෙක් උඩින් කොම්මෙන්ට් එකක් දාල තියනවා. ගණන් ගන්න එපා බන් ඒ වගේ තිරිස්සනුන්ටත් අපි අනුකම්පා කරමු.

Main News