අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

February 3, 2020 at 12:00 pm | lanka C news
අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..

ජනාධිපතිවරණයෙන් පසු ඇමෙරිකාව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (03) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය.

බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග, ජන මාධ්‍ය රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රජා සේවා රාජ්‍ය ඇමති නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් පැමිණ සිටියහ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වු බැසිල් රාජපක්ෂ මහතා ජයග්‍රහණයෙන් සතියකට පසු ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ඔහු නැවත දිවයිනට පැමිණියේ මාස 02 කට පමණ පසුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිවීම සහ ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශවය අතර කථා බහක් මතුව තිබේ. පසුගිය සතියේ පොදුජන එක්සත් පෙරමුණු විධායක සභාව රැස් ව එහි නම ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙස වෙනස් කළ අතර එහි සම නායකයන් ලෙස මහින්ද රාජක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු නම් කෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 51%කුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 31% කුත් සෙසු පක්ෂ වලට ඉතිරි කොටස් බෙදී යන ආකාරයෙන් සන්ධානය බිහිවන බව මෙහිදී ප්‍රකාශ විය. සන්ධානයේ ලකුණ බැසිල් රාජක්ෂ මහතා දිවයිනට පැමිණි පසු තීරණය කර ගන්නා බව ද කියවිණි.

කෙසේ වෙතත් මෙම කරුණු වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ එකගත්වය මෙතෙක් පළ ව නොමැත. බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියේ මෙවැනි පසුබිමක් තුළය.

– PRM

181 views

8 Comments to “අයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..”

  1. Lal says:

    Nonage Euro 18M Aragenada Awey?

  2. B4 UNP now Gota says:

    OthaNa inna thattaya wa sathekata wiswasa karanna epa.

  3. sanka says:

    නියමිත කාලයට පෙර එනම් අගෝස්තු වලට පෙර මහා මැතිවරණයක් නොපවත්වන බවට ඔහු සිය අයගේ කලන් මිතිරු රනිල්ට දන්වා ඇත .

  4. SLCommunity says:

    සාජිත් … සාජිත් … සාජිත් … සාජිත් … ගෙම්බො දැන් කෑගහන්නෙ නෑ නේද…? මේවා දැකල සාජිත් ගෙ කකුල් වෙව්ලනව ඇති දැන්….

  5. අක්බාර් ලොක්කා says:

    ඡන්දදායකයා නැත්නම් එයාට ඔය කෙරුම් කරන්න පුළුවන්ද ?