අයියාගේ ගුණවත්කම එලෙසමයි.. ලංකාවේ අයෝජනය කරන්නැයි ගෝටා ජපාන ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලයි..

December 16, 2016 at 3:50 pm | lanka C news
අයියාගේ ගුණවත්කම එලෙසමයි.. ලංකාවේ අයෝජනය කරන්නැයි ගෝටා ජපාන ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන රාජ්‍ය ලේකම් කාර්යාලයේ දී ජපන් රජයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති වර්තමානයේ ජපාන රජයේ රාජ්‍ය නිවාස අමත්‍ය යමමොටෝ රියෝටා ටකේඩා (Ryota Takeda ) මහතා හමුවිය.

ඒ සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් ද සහභාගි විය.

එහිදී 30 වසරක යුද්ධය නිම කිරීම වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකටද ලක් කරන ලදී. කොළඹ නගරය සංවර්ධනය කිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාට සුවිශේෂි ස්ථානයක් හිමිවන බව ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසු අතර ජපානයේ නගර සංවර්ධන හුවමාරු කරගැනිම වෙනුවෙන් ජපන් රජයේ ස්තුතිය හිමිවන බවද පැවසීය.

එදිනම ටොකියෝ නගරයේ දී ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි ආකාෂි මහතා සමඟ සුහද හමුවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදි යුද්ධය නිමාවීමෙන් පසු උතුරේ සාමය උදාකරලීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකල ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකට ලක් කරන ලදි. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සහභාගි විය.

ඉන් අනතුරුව ටෝකියෝ නගරයේ දී ජපානයේ විශාලතම ආයෝජන සමාගම් වල හිමිකරුවන් විසින් සංවිධානය කරන ලද විශේෂ හමුවකට ද ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. මෙහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමට සියලු අයෝජකයින්ට විවෘත ආරාධනාවක් කල අතර ආයෝජන අවස්ථා වෙනුවෙන් ශ්‍රි ලංකාව විවෘත බවද ප්‍රකාශ කලා. මෙම හමුව සදහා ආයෝජකයින් 25 දෙනකු සහභාගි වූහ.

– අරවින්ද අතුකෝරල

15,976 Viewers

3 Comments to “අයියාගේ ගුණවත්කම එලෙසමයි.. ලංකාවේ අයෝජනය කරන්නැයි ගෝටා ජපාන ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලයි..”

  1. asaranaya says:

    අසව් අසව්! පඹසිරා ඇතුලු පින්ගුත්තරයාණෙනි මෙය තොපලාගෙ දැනගැනීම සඳහායි, අන්න යකුනේ පිදිය යුත්තන්ට පුදන හැටි. ඕවා දකින ඇහෙනකොට පඹසිරියට පපුව තදවි විජිත් රෝහනගෙ කියමන සාර්තක වෙයිද දන්නෙ නැහැ., අනේ පව් අනේ

  2. Champa says:

    මහින්දගෙයි, ගෝඨාභයගෙයි ගුණවත් කම ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි රනිල්ගෙ ඒවගේ ගුණවත්කමක් ගෑවිලාවත් නැති හින්දා කරන්නේ Public-Private Partnership (PPP) හරහා විදේශ ආයෝජකයන්ට රටේ සම්පත් විකුණන එක. මාගම්පුර වරාය තරම් රටට සුවිශේෂී වැදගත්කමක් තියෙන, වටිනාකම කියලා නිම කරන්න බැරි සම්පතක් 80:20 අනුපාතෙට දෙන එක ගෝඨාභය අනුමත කරයි කියලා මම නම් හිතන්නේ නැහැ.

    පහුගිය රජය ආයෝජකයන්ට දොර විවෘත කරපු විදිය හෙවත් පහුගිය රජයේ ආර්ථික ප්‍රතිපත්තියයි රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියයි සම්පූර්ණයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. මාගම්පුර කළා වගේම, අනිත් project වල ආයෝජනයන කරන විදේශ රටවලුත් ඒ විදියටම 80:20 අනුපාතය නොඉල්ලයි කියල කිසිම guarantee එකක් නැහැ. රටේ හැම සම්පතක්ම 80:20 අනුපාතයට විදේශිකයන්ට දෙන එක කොහොමටවත් අනුමත කරන්න බැහැ. මාගම්පුර වරාය පිලිබදව චීනෙත් එක්ක අත්සන් කරන ගිවිසුම ඉතාම වැරදි පූර්වාදර්ශයක්. රට විදේශිකයන්ට විකුණන රනිල්ගේ PPP ආර්ථික ප්‍රතිපත්තිය රටට ඉතාම හානිකරයි. රටට ආදරේ කිසි කෙනෙකුට ඒකට එකඟ වෙන්න බැහැ

  3. WELL SAID…….and also like to thank CHAMPA for the great comment above …..agree with you 100%

Main News