‘අයිය-මල්ලිගෙ ප්‍රශ්ණ.. ෂේප් එකේ ඉන්න..’ ගෝල්ෆේස් ගැටුම වලකන්න ගිය දේශබන්දුට පොලිස්පති කියලා..
May 18, 2022 at 10:00 am | lanka C news
පසුගිය නම් වෙනිදා ගාලු මුවදොර විරෝධතාවයට පහරදීමට එමින් සිටි පිරිස වලක්වීම සඳහා ජනාධිපතිවරයා තමන්ට නියෝග ලබාදී තිබූ බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.
ජනාධිපති වරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එය නවත්වන්නැයි දුරකථන මාර්ගයෙන් ඔහුට දැනුම් දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව කියා සිටියේය.
එමෙන්ම දිවයිනේ සියළු පොලිස් ස්ථානවලට ‘ෂේප් එකේ ඉන්න’ යයි දැනුම් දී තිබූ බවද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
ගාළු මුවදොර සිදුවීම ඇතිවන්නට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමඟ තමන් සාකච්ඡා කළේ ජනාධිපති නියෝගය පරිදි එම උද්ඝෝෂණය විසුරුවා හැරීමට පහර දීමට පෙර උද්ඝෝෂණ ප්‍රධානියකු හඳුනාගෙන ඔහුව අවනත කර ගැනීමට බවත් එය පොලිස් නීති වලට අනුකූල බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.
දේශබන්දු බලන්නේ කොහම හරි මේකෙන් වාසි අරගෙන පොලිස්පති වෙන්නයි. මිනිහා ඕනෑම දේශපාලකයෙක්ගේ සපත්තු ලෙවකනවා පොලිස්පති වෙන්න. අනෙක් ගෝලයා තමයි DIG රොහාන් ප්‍රේමරත්න. මුන් දෙන්නා තමයි පාස්කු ප්රහාරයටත් උදව් කරේ
Kohoma unath, Me depath naya kiyana dewal wishwasa karanna epa. Hondin baluwoth , mu kiyanne, Banduwa ahinsakaya kiyala. Muth Raja passawal hodana ekekne