අයිස්ක්‍රීම්වලට වස දමා තිදරුවන්ට කවා තමන්ද වස කා මිය ගිය අම්මා ලියූ ලිපිය හැගුම්බර මෙන්න..

October 27, 2017 at 10:53 pm | lanka C news
අයිස්ක්‍රීම්වලට වස දමා තිදරුවන්ට කවා තමන්ද වස කා මිය ගිය අම්මා ලියූ ලිපිය හැගුම්බර මෙන්න..

යාපනයේදී වස බී තරුවන් තිදෙනාටද පොවා සියදිවි හානි කරගත් මව විසින් යාපනය මහාධිකරණ විනිසුරුට ලියා තිබූ ලිපියේ සිංහල පරිවර්තනය මෙසේය.

“අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්.  අපි අද මේ තත්ත්වයට වැටෙන එකට මේ අය වග කියන්න ඕනෙ

යාපනයේදී (27) දහවල් දරුවන් තිදෙනාට වස දී ඝාතනය කර තමන්ද වස පානය කර මිය ගිය කාන්තාව මිය යෑමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසකර් ඉලන්චේලියන් මහතාට ලියා තැබූ ලිපියක් යාපනය පොලීසියට හමු වී ඇත.

තම සැමියා  රු. එක්කෝටි දාහත් ලක්ෂයක මුදල් වංචාවකට හසු වූ නිසා ඇති වූ හිත් වේදනාවෙන් මීට මාස දෙකකට පෙර සිය දිවි නසා ගත් බවත් මිය ගිය සැමියා පිළිබඳ දරුවන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි නිසා දරුවන් සමග දිවි නසා ගන්නා බවත් මේ ලිපියේ සඳහන්ව ඇත.

දෙමළ භාෂාවෙන් ලියා ඇති ලියුමේ ලියා ඇත්තෙ මෙසේය.

“ගරු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාණනි,

2017. 9. 3. මගේ සැමියා රු. කෝටියයි ලක්ෂ17 දී රැවටුණු හේතුවෙන් සිය දිවි නසා ගත්තේය. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නැත.

මගේ සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමග ජීවත් වුනානම් ඒත් මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට වාසනාවක් තිබුනේ  නෑ.

දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුනත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ගේ කන්වල පුලුන් ගහලා තිබුණේ ඇයි? අපේ  තාත්තා සුදුයි නේද?  තාත්තා ඇයි කලු පාට  වුනේ? සුදු විදිහටම  තාත්තාත ආයිත් එයිද? තාත්තා ආවම අපි පාර්ක් එකට යමුද?

මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද?

අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්.  අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන.

දෙවියන් මේ ලෝකේ සත්‍ය පසිදින්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඔබ තුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබ තුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිරිදෝශි භාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා.” යනුවෙනි.

මීට අමතරව සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය කියා  මිය ගිය කාන්තාව සිය මව් පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත. එහි ලියා ඇත්තේ

“ආදරණීය අම්මා, තාත්තා, අයියා අක්කා, හැමෝම මට සමාවෙන්න. ඉපදුනු හැම කෙනාම මැරෙනවා. ඒක ගැන හිතලා ඔබ හැම දෙනාම හිත හදාගන්න.

අම්මයි තාත්තයි දරුවකු විදිහට මට හැම යුතුකමක්ම කළා. අපි ජීවත් වුනු කාලය අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා.

මම ඔබ සැම සමඟ එක්ක ජීවත් වෙන්න තිබුණු කාලය සම්පූර්ණයි. අඩු පාඩු දාහක් වටේ තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි.

මගේ සැමියා මට දීපු ජීවිතෙත් සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා. අපිට පවුලක් විදිහට දිගුකලක් ජීවත් වෙන්න අශාවක් තිබුණා. අවසන් මොහොත දක්වා අපි ඒකට සටන් කළා. දැන් අපි යන්නම්.

මගේ අම්මාව රැක බලා ගන්න. මගේ සැමියාට මට වඩා අශාවක් තිබුණා මගේ මවුපියන් ළග තියාගෙන මැරනකන් සලකන්න. නමුත් දැන් අපි යන්නම්.

මීට ආදරණිය සුනේත්‍රා(පවා)    සහ මිණිපිරි, මුණුබුරන්. මගේ සහ මගේ දරුවනන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න. කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුනොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බොහෝම චාම් විදිහට හේවිසි බෙර නැතිව අපේ අවසන් කටයුත් ඉක්මනින් ඉවර කරන්න.යනුවෙනි

13 views

14 Comments to “අයිස්ක්‍රීම්වලට වස දමා තිදරුවන්ට කවා තමන්ද වස කා මිය ගිය අම්මා ලියූ ලිපිය හැගුම්බර මෙන්න..”

  1. භවතන්ත්‍ර says:

    හා එහෙනම් ඔයාල යන්න, ටටා බායි.

    • Mahasona says:

      ow thoth ikmanata wara. Yako minissunge dukakadi eka vihiluwata aragena hinawenna epa.

    • hewwel says:

      යන්න ඕනේ තොපි වගේ අවලම් මෝඩ මී හරක්

    • අබරන් ආතා says:

      බොහොම සරල විදිහට කියන්න තියෙන්නේ ..මේ මෝඩ මිහිහා මේවගේ මරණයකදී ටටා බායි කියන්න තරම් දුර්වල මනසක් තියෙන මානසික රෝගියෙක් කියලා විතරයි

    • රන්ජන් says:

      කිරිසප්පයන් දිහා බලාගෙන ඉන්න ගමන් ජාතිවාදී හැගීම් වලින් මනස අවුල් කරගන්න පුළුවන් වෙන්නේ සිංහහමක් පොරවාගෙන ඉන්න ජාතිවාදී හිවලුන්ට විතරයි. උන්ව පෝෂණය කරන සමාජ ජාලා වෙබ් අඩවි වලට විතරයි. නැතිව මනුස්සකම අගය කරන මිනිසෙකුට එවැනි හැගීම් මතුවෙන්න විදිහක් නැහැ.

    • Lankawe Noipadewa says:

      Moo wage maanasika leda thiyena HARAK PETAU godak samaajaye innawa.
      Namata witharak Sinhala Bauddayek????

  2. Saman lanka says:

    Are they asking new constitution?

    • Jonaa'S Brother says:

      බලාගෙනයි! සියදිවි හානිකරගත්තේ අලුත් විවශ්තාව තවම නැහැ කියලා ටී.ඇන්.ඒ පතුරවාවි. ඒ වගේ පර සක්කිලි කල්ලතෝනි බල්ලෝ ඕකුන්

  3. Minimuthu says:

    මේවා වීර ක්‍රියා නොවේ. ජීවිතයෙන් පලා යාම පසෙක ලා, ජීවත් වුණේනම්, ජීවත් වීමට කුමක් හෝ ක්‍රමයක් යෙදෙනු ඇත. අන් රටවල මෙවැනි දේ පුවත්පත් වල පලකරන්නේ නැත. හේතුව තවත් මෝඩයින් මේය අනුකරණය කිරීමට ඉඩ තිබීමය.

    • sanidu sooriarachchi says:

      මිනිමුතු හරි, මේ වගේ කාටවත් ධනාත්මක දෙයක් ඉගන ගන්න නැති දේවල් ප්‍රචාරය නොකළ යුතුයි. තව උපරිම විස්තරයකුත් දානවා. රටටම ඉන්න බුද්ධිමතුන් කියල හිතන මාධ්‍ය මේවා ලොකු කරලා දාන්නේ. අහිංසක දරු පැටව් දැක්කම හරිම දුකයි. දරුවෝ නැතුව දුක් වෙන දෙමවුපියෝ කොච්චර නම් රටේ ඉන්නවද? මරන්නේ නැතුව කාට හරි දුන්නනම්…

  4. මානවයා says:

    මරනයකදීවත් අනුකම්පාවක් නැති කාලකන්නි සිoහලයෝ අතර ඉන්නවා.අවාසනවට දෙමල අය සිoහලයෝ මනින්නෙ මේ මූසලයන්ගෙන්.

  5. Gamarala ge putha says:

    Tamil or Sinhala everyone suffer from fake police investigations.

  6. Jeewantha says:

    Manavaya absolutely correct. Some people write comments like they don’t have a heart.Irrespective of any difference,they are humans & can you imagine hoe hard mother take such a decision?It must be very grave thing,but pls follow her actions although we felt extremely sad on children especially.

  7. aniwa says:

    agreed with other on heartless comments from some readers.
    I blame cnews’s own moderators, they really need to get their act together.
    I don’t think they would allow my comment either.
    sorry we are living in a such a country with this disgraceful mentality.

Main News