ණය බර දරන්න බැරිව අයිස්ක්රීම්වලට වස දමා තිදරුවන්ට කවා මවත් කා මැරෙයි..
October 27, 2017 at 4:40 pm | lanka C news
යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්රදේශයේ නිවසක් තුල මව සමග පුතුන් දෙදෙනා සහ දියණිය නිදි පැදුරේම මිය ගොස් සිටියදී මළ සිරුරු අද (27) දහවල් සොයාගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.
අරියාලෙයි මාම්බලන් මන්සන්ධියේ ඒ.වී මාර්ගයේ පදිංචි මෙම පවුලේ පියා මීට මසකට පමණ පෙර නය ආරවුලක් මත වස පානය කොට මිය ගොස් ඇති අතර ජීවත්ව ඇත්තේ මවත් පුතුන් දෙදෙනාත් හා දියණියත් පමණි.
අද (27) උදෑසන 11 ට පමණ අයිස්ක්රීම් මිලට ගෙන මව විසින් එයට වස මිශ්ර කිරීමෙන් පසුව පුතුන් දෙදෙනාට හා දියණියටත් ලබාදී මවද අයික්රීම් කා නිවසේ පැදුරේ නිදාගෙන ඇති බවට දැනට ලැබී ඇති තොරතුරු වලින් අනාවරණය වන බවට යාපනය පොලීසිය කියා සිටියේය.
වෙනදා නිවසේ ඇසෙන ශබ්දය නොමැති වීමෙන් අසල් වැසියෙකු විසින් එම නිවස පරික්ෂා කිරීමේදී මවගේ හා පුතුන් දෙදෙනාගේත් දියණියගේත් නාසයෙන් හා මුඛයෙන් ලේ දමා තිබූ අයුරු දැක එම අවස්ථාවේදීම අසල් වාසීන් විසින් යාපනය පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව එම අවස්ථාවේදීම යාපනය පොලීසය අදාල නිවසට පැමිණෙන විටත් මවත් සමග පුතුන් දෙදෙනා හා දියණිය මියගොස් සිටි බවට යාපනය පොලීසිය කියා සිටියේය.
මීට පෙර පියා මිය ගොස් ඇත්තේද පියා සේවය කරන ලද රත්තරන් වෙළඳ සැලක රත්තරන් වලට යොදාගන්නා පොටෑසියම් නැමති දුව්යක් පානය කිරීමෙන් වන අතර ඒ අයුරින් පියාගේ නය ඉල්ලා මවට වරින් වර කරදර කිරීම නිසා මව විසින් අදාල පොටෑසියම් වර්ගයම අයිස්ක්රීම් වලට කලවම් කොට දරුවන්ට කන්නට දී මවද අයිස්ක්රීම් කා නිදාගෙන ඇති බවට මිය ගිය මවගේ සහොදරයෙකු විසින් යාපනය පොලීසියට අද දහවල් පැමිණිල්ලක් මගින් දන්වා ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචි මව වූ 28 හැවිරිදි කේ.සුනේත්රා පුතුන් දෙදෙනා වන අවුරුදු 01ක් වයසැති කේ.සර්වනන් හා අවුරුදු 02 ක් වයසැති කේ. සජිත් හා අවුරුදු 04 ක් වයසැති නරීසා නැමති දියණියයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
These are the things that Northern politicians should try to tackle than trying to setup a different country. You have more problems to solve than what your personal needs .
Yahapalanaya shining brighter !!!!!!!!!!
ඉස්සර පවුලක් කරවිල කෑව කියල ස්ටේජ් වල සෙම කෙල හොටු පෙරාගෙන උඩ පැන්න ජෙප්පො අද කෝ ??????
කොටි ගැහැණුන්ගේ දරුණු ගති මනාව පැහැදිලිව පේනවා ..අසරණ ළමයින්ට වත් ජිවත් වීමට ඉඩක් දුන්නේ නැහැ ..
විග්නේශ්වරන් ලොක්කට තමාගේ ප්රශ්නය කිව්වනම් ඉවරනේ ..උතුරේ TNA දේශපාලකයෝ සැප විදිනවා ..දුප්පත් දමිළ ජනතාව දුක්විදිනවා
Oh god what a sad news is this – shows the depths of the pathetic struggle they`re in but most of all would a constitutional change help these innocent people …No and sadly our damned politicians will never know what is expected of them
මගේ ගෙවල් ලග එකෙක් බෙල්ලේ වැල දාගෙන මැරිල යහ පලනේ ගේන්න බැහැල වැඩ කලා මනෝ ගනේශන්ට
තව ටිකක් මෙහෙම යන් පොන්සි රනියගේ ආන්ඩුව නිසා රටේම උන් දිවි නහ ගනීවි
මනෝ ගනේශන් අන්තවාදී ජාතිවාදී කොටියෙක් ..බලේට ඒමටයි හදන්නේ ..මොහුගේ ප්රජාඅ යිතිය අහෝසිකළ යුතුයි
ඇමතිකමෙන් ඉවත්කළ යුතුයි
I’ve got a habit of being racist after 8th of January. But this incident melted my heart. The politicians in North should be fighting for ending these not separating the mother nation. May the mother & children of this innocent family attain Nibbana…
යකෝ මේ දරු පවුල ගැන බලන්න කෞරුත් හිටියේ නැද්ද.
සිංහල එවුනුත්, දෙමල එවුනුත් මේ විදිහට අපා ගත වෙද්දී මේ රටට මොන කලක්ද
හස අගේට තිබ්බ රට , කෑව පහරයෝ