අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

May 24, 2019 at 2:09 am | lanka C news
අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අයිස් නැමති මත්ත්‍රව්‍ය ග්‍රෑම් 923 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පැවසීය.

තලෙයිමන්නාරම් ප්‍රදේශයේ සිට අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් අලෙවි කිරීමට සැලසුම් කොට තිබියදී මන්නාරම් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි වැටලීමකිදී අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

163 views
Main News