අයි.ඩි.එච්. උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ ආයතනයක් කරයි..

December 17, 2016 at 2:08 am | lanka C news
අයි.ඩි.එච්. උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ ආයතනයක් කරයි..

අයි.ඩි.එචි උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ ආයතනයක් ලෙස සංවර්ධනය කරන බව සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

අයි.ඩි.එචි උණ රෝහලේ ක්ෂද්‍ර ජීවි අංශයේ විශේෂ රසායනාගාරය විවෘත කිරීමෙි අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙි බව ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

‘අයි.ඩි.එචි උණ රෝහල බෝවන රෝග පාලනය කිරීමෙි මධ්‍යස්ථානය ලෙස අපි නම්කර තිඛෙනවා. එම රෝහලට අවශ්‍ය රසායනාගාර පහසුකම් රැසක් ෙමි වනවිට ලබා දී අවසන්. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පවතින සියළු පහසුකම් රෝහල සතුවන අතර, සියළු පරික්ෂණ මෙහිදී සිදු කර ගැනීමට රෝගීන්ට අවවස්ථාව උදාවී තිඛෙනවා. රෝහලට ඇතුළත් වන සියළු රෝගීන් සුවපත් වීමෙි රහසක් මෙම රෝහල සතු වනවා. රෝගී සත්කාරක සේවා විධිමත්ව කැපවීමෙන් සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය එක්වී සිටිනවා. බෝවන රෝග මැඩලීම සදහා මෙම රෝහල සංවර්ධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා’

– නිපුන් ඒකනායක

22 views

One Comment to “අයි.ඩි.එච්. උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ ආයතනයක් කරයි..”

Main News