අයෝජකයන් ඩොලර් අරන් රටින් පිටවෙනවා.. ඩොලර් රැකගන්න ආනයන කපා දමන්න වෙනවා..- අගමැති

September 29, 2018 at 8:40 am | lanka C news
අයෝජකයන් ඩොලර් අරන් රටින් පිටවෙනවා.. ඩොලර් රැකගන්න ආනයන කපා දමන්න වෙනවා..- අගමැති

ඩොලර් සංචිත රැක ගැනීම සදහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට සිදුවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් මුදල් ඇමතිවරයා සමගද සාකච්චා කල බවත් ඔහු සදහන් කලේය.

ඇමරිකාව විසින් සිය පොලී අනුපාතයන් ඉහල දැමීම හේතුවෙන් ලොව පුරා ආයෝජකයන් සිය ඩොලර් ඇමරිකාව වෙත ගෙන යමින් සිටින බවත් කී අගමැතිවරයා ලංකාවට මෙම තත්වය තවත් දරුණු වී ඇත්තේ ණය ගෙවීමට ඇති නිසා බවද කීය.

කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

123 views
Main News