අයෝමාගේ තේ කෝප්පය ගම්මන්පිල පරදුවට තබයි…
June 18, 2020 at 12:02 am | lanka C news
තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය සඳහා ආරාධනා කළේ 2013 වසරේදී බවත් ඒ සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාද තමන් සමග එක්වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට ආරාධනා කිරීමේ අදහස තමන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට ප්‍රකාශ කර සිටි අවස්ථාවේ “ ඔබ ඔය හදන්නේ ගෝඨාභය ගේ නිවසේදී අයෝමා ගේ (ජනාධිපති ආර්යාව) අතින් ලැබෙන තේ කෝප්පයද නැති කරගැනීමට “ යැයි ඔහු තමන්ට පැවසූ බව මෙහිදී ගම්මන්පිල මහතා සිහිපත් කළේය. කෙසේ වෙතත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට හැකි වූ බව ඒ මහතා කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශනය වූ 360 වැඩසටහන හා එක්වෙමිනි.
මෙහිදී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් ඉතා සංවේදීව අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ලොව පුරා රටවල් 102 ක ශ්‍රි ලංකාවට පැමිණීමට අපේක්ෂා කරණ 49,470ක ශ්‍රී ලාංකිකයන් ද ලක් මවගේ දරුවන් බවය. ඒ සෑම දෙනාම රැක බලා ගැනීම ආණ්ඩුවේ වගකීම බවත් එම වගකීම ඉටු කිරීමට රජය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වනුයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සෑම ශ්‍රී ලාංකිකයෙකුම මවුබිමට ගෙන්වාගැනීම බව සඳහන් කළ උදය ගම්මන්පිල මහතා එය සෞඛ්‍යය නිරෝධායන පද්ධතියේ ධාරිතාවයන්ට අනුකූලව නිසි සැලසුමකට ඉතා ක්‍රමානුකූලව සිදු කෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව වත්මන් දේශපාලනයේ උණුසුම් කරුණු රාශියක් පිළිබඳව ගම්මන්පිල මහතා අදහස් දැක්වීය
සම්පූර්ණ වැඩසටහන මෙතැනින්
ඔබතුමාට ජය වේවා අංක 8
අනාගතය අද දකින බුද්ධිමත් නායකත්වය ,
උදය ගම්මන්පිල ….
ජයවේවා ….
කෙසේ වෙතත් ගෝඨාභය මහතා දේශපාලනයට ගෙන ඒමට ගම්මන්පිල මහතා කල කාර්යභාරය ඉමහත්. ඒ නිසයි අද රට මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන්නේ.රට ජාතිය පැත්තේ හිට ගන්න මිනිසුන් අල්පයි.යමපාලකයො එපා වෙලා හිටිය ජනතාවට ඔබලා සහනයක්.
කට වාචාලයන්ගේ ගොං කතා තුලින් නිහතමාන අර්යාවකට අපහස නොකල යුතුයි!
තවත් ලොරි ටෝක් බුවෙක් ජනපති කරන්න පාර කෑපු ගම්මන්පිල මැතිදුන්ට ඔබේ මනාපය ලබා දෙන්න.. කොලබින් අන්ක 18
ලොරි ටෝක් දීල පච වපුරල බලයට ඇවිල්ල රට කාපු ද්‍රොහියො අද විපක්ෂෙ ඉඳන් කෑලි වලට කැඩිල මරාගන්නව.
පොහටිටුවේ ඉන්න අතලොස්සක් වූ බුද්ධිමතුන් ගෙන් කෙනෙක්
ඔව්ව වැඩක් නෑ මගේ සල්ලි ටික දීල හිටිං මල්ලි