අරක්කුවාහිනියක්, අරක්කු රේඩියෝවක්, අරක්කු පත්තරයක් ළගදීම එනවා.. රටටම අරක්කු නිවුස් දෙනවා.. – රාජිත විපක්‍ෂයේ අත්පොලසන් මැද කියයි..

December 12, 2016 at 10:00 am | lanka C news
අරක්කුවාහිනියක්, අරක්කු රේඩියෝවක්, අරක්කු පත්තරයක් ළගදීම එනවා.. රටටම අරක්කු නිවුස් දෙනවා.. – රාජිත විපක්‍ෂයේ අත්පොලසන් මැද කියයි..

අරක්කු ටීවී සහ අරක්කු රේඩියෝ මගින් ඉදිරියේදී ජනතාවට අරක්කු නිවුස් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ වාචික පිලිතුරු අපේක්‍සායෙන් යෙුමු කර තිබූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අරක්කු ව්‍යාපාරිකයෙකු විසින් මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට මේ වන විට කටයුතුසමූදානම් කෙරමින් ඇතැයිද කී ඇමති රාජිත එම නව මාධ්‍ය ජාලයේ සේවය කිරීමට ‘මව්බිම’ පුවත්පතේ මාධ්‍යවේදීන් ගණනාවක් ඉවත් වී ගොස් තිබෙවන බවද සදහන් කරයි.

දැනටමත් ‘මව්බිම’ පුවත්පතට මෙතෙක් රජයෙන් දී තිබූ සියලුම දැන්වීම් අත්හිටුවා ඇතැයිද කී ඇමතිවරයා එම දැන්වීම් නව පුවත්පතට ලැබෙනු ඇතැයිද කියා සිටියේය.

ඇමතිවරයාගේ කතාවට ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ද අත්පොලසන් දුන්හ.

0 views
Main News