අරක්කු එදිනම වැඩි කලත් බියර් මිල අඩු කර නෑ..
November 13, 2017 at 8:40 am | lanka C news
අරක්කු මිල ඊයේ සිට වැඩි කලත් බියර් මිල අඩු නොකිරීමෙන් පාරිභෝගිකයා ගසා කෑමට වෙළෙන්දන්ට ඉඩ දී සුරා බදු අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය නින්දට වැටී ඇති බව පාරිභෝගිත අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
අරක්කු මිල වැඩි කලත් බියර් මිල අඩු නොකිරීමෙන් පාරිභෝගිකයා ගසා කෑමට වෙළෙන්දන්ට ඉඩ දී සුරා බදු අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය නිදි!
2018 වසරේ අය වැයට අනුව මධ්‍යසාර වල සැර අනුව නිෂ්පාදනයේ මිල තීරණය වන අතර බියර් මිල අඩු කර ඇත.
11 දින සිට අරක්කු මිල වැඩි කිරීමට අදාල සමාගම් කටයුතු කල අතර සුපිරි වෙළදසැල් විසින් අරක්කු මිල වැඩි කර ඇති නමුත් බියර් මිල අඩු කර නැත.
අප රටේ ව්‍යාපාරිකයින් හැමදාම සිදුකරන්නේ කිසියම් භාණ්ඩයක මිල වැඩි කල සැණින් භාණ්ඩ මිල වැඩි කිරීමත් භාණ්ඩයක මිල අඩු කල විට භාණ්ඩ මිල අඩු නොකිරීමට කටයුතු කිරීමත්ය.
එහෙත් අදාල ක්ෂත නියාමනයට සිටිනා පාරිභෝගික අධිකාරිය හා සුරාබදු අධිකාරිය ව්‍යාපාරිකයින්ට රිසි සේ පාරිභෝගිකයා ගසා කෑමට ඉඩ දී සුව නින්දේය.
මුදල් ඇමතිතුමනි ඔබගේ මංගල අය වැය අවමංගල අය වැයක් වීමට ඉඩ දුන්න හොත් පාරිභෝගිකයා එය මංගලගේ අවමංගල අය වැය කීම නැවැත්විය නොහැක.
ස්තුතියි,
මෙයට
රංජිත් විතානගේ
සභාපති
රජයේ කාර්යාල දැන් වැඩක් නැහැ, ලියුමකට පිළිතුර තියා ලිපිය ලැබුණ බවවත් දන්වන්නේ නැහැ. ඒවා ගැන බලද්දී මේක මොකද්ද? යහපාලනය නම් අඩුම ගානේ ඔබේ ලිපිය ලැබුණ බවත් ෆයිල් එකට දාලා වැඩ නොකර තියාගෙන ඉන්නවා කියලවත් දන්නවන්න කියමු ද?
Hey man, do not make news!. Buy a bottle from so called Supermarket and produce the bill to relevant authority (Consumer authority). They will have to take action on this.
hamavita me de wenawa,paribogika adikariya action gannne natthe ai???????????????
අරක්කු බියර් රා බොන්නා වසලයෙක්
අනගාරික තුමා පවසා ඇත