අරක්කු නිෂ්පාදනයට බදු කන්දක්.. මිල වැඩි වී කසිප්පු බොති.. බිලියන 50ක වාර්ෂික බදු ආදායමක් අහිමියි..
December 1, 2018 at 12:40 pm | lanka C news
සුරා බදු අදායම වැඩි කර ගැනීම සදහා මත් පැන් නිෂ්පාදනාගාර වලට ගොස් උදේ සිට සවස් වන තෙක් රැදී සිටහෝ අදායම වැඩි කර ගැනීමට කටයුතු කරන්නැයි සුරා බදු කොමසාරිස් ජනරාල් වරයා සහකාර සුරා බදු කොමසාරිස් වරුන් පිරිසකට නියෝග කර තිබේ .
මත් පැන් නිෂ්පාදනාගාර වල දැනටමත් සුරා බදු දෙපාර්ත මෙන්තුවේ කාර්යාල පවත්වා ගෙන යන අතර ඒවායේ සුරාබදු පරීක්ෂක වරුන් හා ඊට පහළ නිලධාරීන් සේවයේ යොදවා ඇත .
සහකාර සුරා බදු කොමසාරිස් වරුන්ට මත් පැන් නිෂ්පාදනාගාර වල උදේ සිට නිෂ්පාදන කටයුතු අවසන් වන තෙක් රැදී සිටින ලෙස රැදී සිටින ලෙස උපදෙස් ලැබුණු ප්රථම අවස්ථාව මෙය වේ .
මේ හේතුව නිසා සුරා බදු නිලධාරීහු දැඩි කනස්සල්ලට පත්ව සිටිති .
දැනට මාසිකව රුපියල් බිලියන 4ක බදු අදායමක් අහිමි වී ඇති බව ද ගණන් බලා ඇත .
මිට ප්රධාන හේතුව වී ඇත්තේ පසු ගිය රජය ප්රමිති ගත මත් පැන් මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන් මිලෙන් අඩු ශරීරයට විෂ සහිත මත් පැන් භාවිතයට පෙළබිමය .
අධික බදු බර නිසා මත් පැන් නිෂ්පාදනාගාර පවත්වා ගෙන යාම ද අසීරු කටයුත්තක් වී ඇති බව එම කර්මාන්ත හිමියෝ රජයට පැමිණිලි කර සිටිති .
මේ නිසා මිලෙන් අඩු විෂ සහිත මත් පැන් තව දුරටත් සමාජයේ බහුල වනු ඇති බව වෙළදපොළ සමික්ෂකයෝ පෙන්වා දෙති .
– TDK
ප්රමිති ගත හෝ නැති උනත් බෞද්ධ රටක රජයක් අරක්කු වලින් ආදායම් ඉපයීම කෙරෙහි අවදානය නොකල යුතුයි.මිනිසුන්ට හොදට බොන්න දීල රටක් ගොඩනගන්න හදන රජෙක් උවද වසලයකි
ඔන්න ඔන්න ඔය යන්නේ අරක්කු බදු අඩු කරන්න නං… ගිය පාරත් මහින්ද කෙලව ගත්ත එක point එකක් තමයි අරක්කු සහ සිගරට් කොම්පැනි එක්ක එකතු වෙච්ච එක…. බොන උන් දන්නවා කීයටවත් බියර් බොන එකා බියර් ගාන වැඩිවුනා කියලා කසිප්පු බොන්නෑ… කසිප්පු බොන එකා ඒවාම තමයි හොයන්නේ
ඒ හින්දා අරක්කු සිගරට් බදු ඔය වැඩි ගානටම තිබුනාවෙ. පුළුවන්නං මංගල අඩු කරපු බියර් බදු තව ටිකක් වැඩි කරන්න