බාර් පෝලිම්වල ගුටි ඇනගනිති.. 19ක් රෝහලේ..

May 14, 2020 at 12:00 pm | lanka C news
බාර් පෝලිම්වල ගුටි ඇනගනිති.. 19ක් රෝහලේ..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන්  පාලනය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර ඇත.

හැටන් පොලිස් බල ප්‍රදේශයේ මත්පැන් පානය කර දෙපාර්ශවයක් අතර ඇති වු ගැටම්වලින් තුවාල ලැබු 16 දෙනෙකු දික්ඔය මුලික රෝහලටත්, මස්කෙලිය පොලිස් බල ප්‍රදේශයේ මත්පැන් පානය කර ඇති ගැටුම් වලින් තිදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලටත් (13) දින ඇතුලත් කර ඇති බවයි හැටන් සහ මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.

මේ අතර බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් මස්කෙලිය සිට මස්කෙලිය ගාඩ්මොර් සහ මොකා වතුයායවල් වලට පෞද්ගලකි බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මස්කෙලිය පොලිසිය විසින් (13) දින අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඇප මත මුදා හැර ඇත.

මේ අතර බගවන්තලාව නගරයේ සිට ත්‍රිරෝද රථයකින් තේ වත්තකට බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් 18 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව මස්කෙලිය සහ බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරුන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

488 views

21 Comments to “බාර් පෝලිම්වල ගුටි ඇනගනිති.. 19ක් රෝහලේ..”

  1. ජයමාල් says:

    අපි නම් ඇතිවෙන්න පෙරා ගත්තා සීනි යි යීස්ට් ටුයි දාලා. ඒකත් බිව්වම ඉතින් අර වගේම සූර් වෙනවා. ආයේ කිසි වෙනසක් නැහැ බෝතලේ සීල් නැති එක විතරයි.

  2. Love nature says:

    අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් හටගන්නා රෝගාබාධවලින් ශ‍්‍රී ලාංකිකයන් 18,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව මියයන බව ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ පැවැසීය.

  3. Love nature says:

    මත්පැන් ඔබේ මොළයට බලපාන්නේ කෙසේද?

    අධික මත්පැන් භාවිතයෙන් ඔබේ මොළයේ සෛල මිය යන්න පටන් ගන්නවා. ඔබ යන්තම් මත්පැන් ප්‍රමාණයක් ගත්තත් මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වෙනවා. ඒ වගේම මොළයෙන් පාලනය කරන විවිධ ක්‍රියාදාම ක්‍රියා විරහිත වීමක් සිදුවෙනවා. එදිනෙදා ජීවිතයේ අපි සමාජයට නොපෙන්වන පැත්තක් අපට පාලනය කරගත නොහැකි විදියට ඉදිරියට එනවා. ඔබ සමාජයට මුහුණ දීමට ලජ්ජාශීලි අයෙකු නම් ඒ ගති තරමකට මග හැරී යනවා. එය සමහර විට තරමක් වාසිදායක වන්නත් පුළුවන් නමුත් මේ හිතකර තත්ත්වය පවතින්නේ ඉතාම ටික කාලයකට පමණයි. ඔබේ ශරීරයේ මධ්‍යසාර සාන්ද්‍රණය ටිකෙන් ටික වැඩි වීමත් සමගම ඔබ සමාජයට සඟවාගෙන සිටි ඔබේ තිරිසන් ගති ඉදිරියට ඒමටත් ඔබේ මහාත්මා ගති ක්‍රමයෙන් සැඟවී යාමටත් පටන් ගන්නවා. මේ සියල්ල හරියටම කුලෑටි සතෙක් තෝන් ලණුවකින් පාලනය කරන ආකාරය බිඳ වැටීමකට සමාන කරන්න පුළුවන්. ඔබ ඉතාමත් සැලකිලිමත් නුවූවහොත් ඔබේ මෙම ගති පාලනය කර ගැනීමට නොහැකි වෙනවා.

  4. pramuka Wije says:

    ALL ARE TAMILS

    SHAME ON YOU

Main News