අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…

July 1, 2022 at 3:00 pm | lanka C news
අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…

අරක්කු බෝතල් පහක් ඉන්ධන ලීටර් පහක් සමග හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වානින් වාර්තා විය.

කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මොහු සිය මොටර් රථයෙන් රක්වාන නගරයට පැමිණ තිබිණි. පසුව ඔහුගේ රථයට ඉන්ධන ලීටර් පහක් සොයා ගැනීමට උත්සහ කරමින් සිටියදී තරුණයන් කිහිප දෙනෙකු මුණ ගැසී ඇත. අදාළ ව්‍යාපාරිකයා එම පිරිස වෙත පවසා ඇත්තේ වැඩි මිලකට හෝ ඉන්ධන ලබා දෙන ලෙසයි.

කෙසේ හෝ අවසානයේ රෑ බෝ වී තිබූ නිසා ව්‍යාපාරිකයා මත්පැන් අලෙවි සලකට ගොස් මත් පැන් බෝතල් 5ක් මිලදී ගෙන තරුණයන් වෙත ලබා දෙමින් කියා ඇත්තේ පෙට්‍රල් ලීටර පහක් මේ වෙනුවට ලබා දෙන ලෙසයි.

එහිදී තරුණයන් ඉදිරිපත්ව ව්‍යාපාරිකයා දුන් අභියෝගය භාරගෙන හොර පාරෙන් ඉන්ධන අලෙවි කරන අයකු මුණගැසී පෙට්‍රල් ලීටර් පහක් ලබා දී ඇති බව ගම්වාසීහු පවසති.

– Aruna

40,280 views

2 Comments to “අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…”

  1. Price Controller says:

    Vehicle prices bubble is crashing.අවුරුද්ද 2015ට වඩා පරණ Honda Vessel, Kia Sportage, Toyota Rav4 ආදී කිසිම වාහනයට රුපියල් ලක්ෂ 40කට, ලක්ෂ 45කට වඩා ගෙවන්න එපා. වාහන මිල බුබුල වේගයෙන් කඩා වැටෙමින් ඇත.
    මේ අවවාදය එය කල දිනයත් සමගම මතක තබා ගන්න.

  2. ටොප් ගියර් says:

    මේ වෙලාවේ අඩු ගාණට වාහනයක් ගත්තොත් ආයේ රුසියානු යුද්දෙ ඉවර උනාම තෙල් මිල අඩු වෙද්දී අපි ගොඩ😂

Main News