අරක්කු මිල අඩු කල යුතුයි.. රා නිෂ්පාදනය තවත් වැඩි කල යුතුයි.. ජනතාවට ඇගේ අමාරුවට බොන්න ඔ්නෑ..- WDJ

September 25, 2017 at 11:20 am | lanka C news
අරක්කු මිල අඩු කල යුතුයි.. රා නිෂ්පාදනය තවත් වැඩි කල යුතුයි.. ජනතාවට ඇගේ අමාරුවට බොන්න ඔ්නෑ..- WDJ

ජනතාව තහනම් මත්පැන් භාවිතයෙන් මුදා ගැනීමට නම් කිතුල් රා නිෂ්පාදන වැඩි වැඩියෙන් සිදු කල යුතු බවත් ඒ සදහා නීතිමය ප‍්‍රතිපාදන ඇති කල යුතු බවත් ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අමතමිනි.

අද වන විට වතුකරයේ වැඩ කරන ගැහැණු-පිරිමි සියළු දෙනා තහනම් මත්පැන් බොන බවද කී ඇමතිවරයා ඇගපත අමාරුව යන්න ඔවුන් මත්පැන් බීම නතර කල නොහැකි බවද පැවසීය.

කෙසේ වෙතත් රජය විසින් මත්පැන් මිල අඩු කරන්නේ නම් මේ ආකාරයේ නීති විරෝධී මත්පැන් භාවිතය අඩු වනු ඇති බවත් රා නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කල යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

241 views
Main News