අරක්කු ලොරියක් අනතුරක… පාර පුරා අරක්කු ගලයි..

November 23, 2019 at 8:02 am | lanka C news
අරක්කු ලොරියක් අනතුරක… පාර පුරා අරක්කු ගලයි..

මස්කෙලියේ සිට නොර්වුඩ් දක්වා මත්පැන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකින් මත්පැන් බෝතල් සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගයට වැටිමෙන් එම මත්පැන් බෝතල් කැඩි මත් පැන් ප්‍රධාන මාර්ගය දිගේ ගලා ගොස් ඇති බව වාර්තා වේ.

මස්කෙලිය හැටන් ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය රෝහල අසලදි මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ පිටුපස දොර විවෘත වි මත්පැන් සහිත බෝතල් සහ මත්පැන් රහිත හිස් බෝතල්  පෙට්ටි 12 ක් පමණ ප්‍රධාන මාර්ගයට වැටි එම බෝතල් ප්‍රධාන මාර්ගයේම බිදි ගොස් ඇත.

පසුව ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා විසින් ප්‍රධාන මාර්ගය අභියස විසිරි තිබු බොතල් කටු ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ විනාඩි කිහියකට ඇණ හිට තිබු  ගමනා ගමන කටයුතුද යලි යථා තත්ත්වයට පත් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

247 views

5 Comments to “අරක්කු ලොරියක් අනතුරක… පාර පුරා අරක්කු ගලයි..”

  1. kamal says:

    කිරිබත්ගොඩ හිමි දියසෙන් කුමාරයා ඔසවා තැබිමට වෙනම පියවරක්
    ඒ තමයි මනුස්‍යත්වය පුතාගේ ඒ මනුස්‍යත්වයට ඔබින දේශපාලනයක් නැ. ඒක නිසා කපටි මිනිසුන් එක්ක එක්කහු වෙන්න බැ. ඒක හින්දා දේශපාලනයෙන් සමුගන්නවා මහමැතිවරණයේදි සහයෝගය දක්වන්නෙ කාටද කියා පස්සෙ දන්වනවා. මිට කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින් වහන්සේ හා කමල්

  2. hila says:

    අපරාදෙ බඩු ටික පාර දිගේ ගලාගෙන ගිහින්. මම හිටියනං බාල්දියක් අරගෙන දුවගෙන එනවා. බෝතල් කටු ටිකක් තිබුනම මොකෝ. මේ දවස්වල මම කම්බි කටු තියන ඒව බොන්නෙ. හරිම කෝඩෙ අයිසෙ.

  3. Gonsun says:

    Aiyo, oka Banku mannkollakara Alo Aiyage iskagaren nam bonnama epa, ovata kasippu kalawan, liver diyawenwa sure.

  4. බෙබිබා says:

    අයියෝ සල්ලි ආ… කලින් කිවිවනං අනුමත වෙන්න තිබුනා….

Main News