අරක්කු විකුණන්නත් ඕනෑ.. අරක්කු ගන්නත් ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…

January 18, 2018 at 10:00 am | lanka C news
අරක්කු විකුණන්නත්  ඕනෑ.. අරක්කු ගන්නත්  ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…

තැබෑරුම්වල සේවය කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබා දීම හා මත්පැන් මිලට ගැනීමට කාන්තාවනට ඉඩ දීම සදහා වූ ගැසට් නිවේදනය අහෝසි කිරීම නිසා කාන්තාවන්ගේ සම අයිතිය කඩ වී ඇති බව සදහන් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් පිරිසක් විසින් ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයාට හා අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව මූලික අයිතාවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

ඔවුන් එම පෙත්සම මගින් කියා සිටින්නේ කාන්තාවන් සදහා ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සමානව සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.

තැබෑරුම්වල සේවය කිරීම හා මත්පැන් මිළට ගැනීම කාන්තාවන්ට තහනම් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන නිසා එම ගැසට් නිවේදන යලි ක‍්‍රියාත්මක කරවන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

මේ අතර සමනලී ෆොන්සේකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මේක .අරක්කු. ‘පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක තවත් මනුෂ්‍ය ජීවිතයක නිදහස ස්වාධීනත්වය සහා අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.. ලැජ්ජයි සිරිසේන මහත්තයො’ ලෙසයි.

52 views

45 Comments to “අරක්කු විකුණන්නත් ඕනෑ.. අරක්කු ගන්නත් ඕනෑ.. ලැජ්ජයි සිරිසේන මහත්තයො..- සමනලී උසාවි යයි…”

  1. rter says:

    ලංකාවේ සියලු කාර්තාවන්ට එකම සංස්කෘතියක් නොමැති බව පැහැදිලියි. එසේනම් පාලාත්පාලනවල 25% අවම නියෝජනයක් කුමන කාන්තාවන්ටද , එතකොට ආණ්ඩුක්‍රමය මේ අයට අමතක වුනාද ? මේ අයට සමස්ත කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න ඇහැකිද ?, තමන්ගේ වාසිය උදෙසා පමණයි,,, මේ අයට වෙනම ඊළමක් දීල තිබුනානම් , මේ වගේ අයිතිවාසිකම් කාගෙන්ද ගන්නේ කියලා බලන්න තිබුනා?

  2. sfg says:

    සාරියට මුවාවී විවිධාකාර ගැහැනුන් තමන්ගේ business වල, බටහිර සංස්කෘතිය තමන්ගේ වාසියට යොදා ගෙන ඒ මදිවට දේශීය සංස්කෘතිය අස්සේ රිංගගෙන තමන්ගේ ගෞරවය රැකගන්න මේ වගේ කල්ලිවාදින් මාන බලනවා,

Main News