අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව..

February 28, 2020 at 12:02 am | lanka C news
අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව..

මෙහි දැක්වෙන්නේ සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.

…..කුප්පි එක්ක ඩප්පි වෙළදපලට….

එක්සත් ජාතික පක්ෂයට කෙලින්ම සම්බන්ධ සමාගම් කිහිපයක් විසින් සුරාබදු නීති පයිසයකට මායිම් නොකරමින් කටයුතු කරමින් සිටි. මුදල් අමාත්යංශය පමණක් නොව ශ්‍රී ලංකා මහා බැංකුවද සම්පුර්ණයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මහසෝනන් ඔඩ්ඩි යකුන් හා මල පෙරේතයන් මේ වන විටත් රටේ සම්පුර්ණ මුල්‍ය පද්ධතියම හසුරුවන තත්වයකට පත්ව සිටීම ඉතාමත්න්ම අවාසනාවන්ත තත්වයකි .

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුහසින් අභිශේස් ලද ආයතන කිහිපයක් ඉදිරි මහමැතිවරණය සදහා මුදල් සොයා ගැනීම පිණිස රටේ මද්‍යසාර වෙළදපල උඩු යටිකුරු කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතවෙමින් කටයුතු කරයි . එහි අනීතික පියවරයන් පිලිබදව ඔබට ලිපි ලේඛන සහිතව ඔප්පු කිරීමට අප කටයුතු සුදානම් කරමින් පසුවෙමු .

මෙතෙක් කාලේ විදුරු බෝතල් මගින් අරක්කු සමාගම් වලට හසුවුවන් සදහා අරක්කු අලෙවියේ නිරත වූ සමාගම් මේ වනවිට වෙළදපල විවිධාන්ගිකරණය සදහා අරක්කු කුප්පි ඩප්පි දක්වා වෙනස් කිරීමට වගබලාගෙන ඇත . 180ml පමන කුඩා ශශේ පැකට්ටු වලින් වෙළදපල ප්‍රතිනිර්මානයට සියලු දේ සුදානම් කර ඇති මෙම එක්සත් ජාතික පක්ෂ ව්‍යාපාරිකයා පසුගිය සමයේ සකේ නමැති මද්‍යසාරය නිෂ්පාදනය කිරීමට ගොස් පාඩු ලැබූ අයෙක් උවත් මෙවර සශේ ඩප්පි තුලින් නම් ජයගනු නිසැකය .

නව රජයේ මද්‍යසාර ප්‍හේතුවෙන් මද්‍යසාර ලබාගැනීමේ පහසුව හා සුලබතාවය මෙන්ම එහා මෙහා ගෙනයාමට වඩා වැඩි අවස්තාවන් උදාවීම පමණක් නොව එකවර මද්‍යසාර සාන්ද්‍රණය 40% සහිත අරක්කු මිලිලීටර 180 ක් පමණ ප්‍රමාණයක් එකවර ශරීර ගත කරගැනීමට හැකිවීමත් මෙම ක්‍රමය මගින් අරක්කු භාවිතයට හුරුවූ අසරණ ජනයාට ඉඩ අවස්තාව සැලසේ .

එපමණක් නොව අරක්කු සැර බාල කිරීමට යොදා ගන්නා ද්රාවනයන් එක්කිරීමට ඇති අවස්තාවන් ගිලිහියාමෙන් සම්පුර්ණ ඇල්කොහොල් ප්‍රමාණයක් අඩුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද මෙමගින් සැලසෙයි . දැනට වෙළදපලේ ඇති මිලිලීටර 250 අරක්කු විදුරු බෝතල් පමණක් නොව මිලිලීටර 330 බියර් ටින්ද නිෂ්පාදනයට ඉදිරිපත් කිරීම තහනමට ලක්විය යුතු බවට සිංහලේ සංවිදානය විසින් මේ වනවිටත් වගකිවයුතු පාර්ශව වෙත දැනුම්වත් කර ඇත්තෙමු .

ඩප්පි අරක්කු හේතුවෙන් පාසල් දරුවන් අතර අරක්කු භාවිතය නිසැකයෙන්ම ඉහල යන අතර ක්‍රීඩා තරග තුල සිදුවන මද්‍යසාර ප්‍රචණ්ඩත්වය කෙරේ මෙම නිෂ්පාදනය නරක ආකාරයක බලපෑමක් එල්ල කරයි . ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත බිග් මැච් ආශ්‍රිතව මෙම නිෂ්පාදනය සීග්‍රයෙන් අලෙවිය සදහා ඉදිරිපත් කිරීමට කූට වෙළදුන් සියලු උපක්‍රම පිලිබදව මේ දිනවල සාකඡ්චා අරභා ඇත .

පාසල් දරුවන්ගේ කලිසම් සාකුවේ පහසුවෙන් රදවා ගත හැකි පරිදි මෙහි ඇසුරුම සම්පුර්ණයෙන් සකසා ඇති අතර විවිධ වර්ණ සහ රස ආශ්‍රිතව තාරුණ්‍යයේ කෙළිලොල් බව සමග මුසුකර වෙළද සන්නාම හා වර්ණ මේ සදහා යොදාගෙන ඇත . මේ නිෂ්පාදනය පිලිබදව බලධාරීන් මුනිවත රකිමින් ක්‍රියාකරන අකාරය දෙස අපි පිළිකුලෙන් යුතුව බලා සිටින අතර සංවිධානයක් ලෙස අදාළ නිෂ්පාදකයන් පිටුපස සිටින මංගල සමරවීරටත් එක්සත් ජාතික පක්ෂයටත් කියා සිටින්නේ හැකිනම් අදාළ සැශේ ඩප්පිය වෙළද පලට නිකුත්කර පෙන්වන ලෙසයි.

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

63,934 Viewers

13 Comments to “අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව..”

  1. 😥😥😥😲😲😲😄😄 says:

    හින්ඳු බැතිඳු ආගම සත්කාර ගැලී.. කරත්
    ජේසු බැතිඳු යක්ඤා හොඳට ගැලී …කරත්
    මුස්ලිම් බැතියෙන් කූරාණය උදේම .කරත්
    බොදු බැතිඳු බෝතල් වැඳ උදේහවා කරත්

    • Saman says:

      දැන් බයියන්ට ලෙසියි. පොහොට්ටුවෙ රැස්වීම වලට යනකොට පැකට් සාක්කුවෙ දාගෙන ගියැකි.

  2. kavirathna says:

    thawamath mangalada mudal amathi?

  3. Gota says:

    Feel sorry for people who vote this government in. Useless

  4. nuwaraone says:

    ඇඩෝව් කවුද යකෝ මගේ අරක්කු බිස්නස් එකට කෙලින්න එන එකා….ලබන මාසේ ඉදන් මට කුරුනෑගල අරක්කු දන්සල දෙන්නත් තියනවා ….ඊට පස්සෙ වැඩිම මනාප අරගෙන ගෝටා ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්නත්.තියනවා ……මීට කුරුනෑගල ජොනී….

  5. Lal - Deniyaya > California says:

    ලක්ෂ හට නවයක පුන්නකු කන හරක් බය්යෝ චන්දෙ දුන්නේ මේ වෙනස ලබාගන්න

  6. හාරත බූරුව says:

    බොහෝ බටහිර රටවල වෙලඳපලේ තැබිය හැකි ඇල්කොහොල් නිශ්පාදන සදහා ඇසුරුම් මාධ්‍ය හා ප්‍රමානය මත වූ අනිවාර්‍ය්‍යය ප්‍රමිතියක් තියනව. විශේෂයෙන්ම අපි “මතට තිත” තියන්න සෑහෙන කාලෙක ඉදන් උත්සාහ කරල “තිතට මත්වෙලා” ඉන්නෙ. යුරෝපයේ අඩියෙන් අඩිය තියන කෆේ බාර් හැම එකකම ඇල්කොහොල් තියනව. හැම සුපර් මාර්කට් එකකම පමනක් නොව සාමාන්‍යය සිල්ලර වෙලඳසැල් වගේම ආපනශාලා තුලත් ඇල්කොහොල් ලබාගන්න තියනව. විශේෂයෙන්ම කියන්න ඕන ඒරටවල ඇල්කොහොල් විරෝධී කතිකාවක් නැහැ. සුරාමේරය කියල සික්ෂාපදයකුත් මා දන්න තරමින් නැහැ. ඒත් ඒරටවල ස්වදේශිකයන් බේබද්දන් නොවේ. මම දකින විදියට මධ්‍යසාර වෙලඳපල දැඩි නියාමනයකයට ලක්කල යුතුයි. ඒකෙ කිසිම තර්කයක් නැහැ. නමුත් අපි ජාතියක් විදියට පෞද්ගලිකව එකිනෙකාගෙ පෞර්ෂයන් වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් තුලින් මේසදහා පිලිතුරු සෙවිමට උනන්දු විය යුතියි. කල් ඉකුත්වූ අපේ පරපුර බෝතලයක් වටේ වාඩිලාගෙන මස් කට්ටක් සූප්පුකරකර පම්පෝරි දෙසා බාද්දි, තින්ත බාල්දි උස්සගෙන රෑ-දවල් නැතුව රට ලස්සනකලේ ” චුට්ටක් අරගෙන” නොවේ. ප්‍රදීප් සංජීව හා එකහෙලා සිටගන්නා ගමන් නැවුම් පරපුරකරා අපේක්ෂාවේ සහ ස්තාවරත්වයේ බිජුවට වපුරා ආත්මවිශ්වාසය ගොඩනගන්නට සියලු දෙනා වගබලාගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

  7. SL says:

    සශේ පැකට් ,ටින් වලින් වන පරිසර හානියට කවුද වග කියන්නේ .මේවා හදල වෙළඳ පොලට දාන උන් ඇවිත් ඒවා පිරිසිදු කරලා අයින් කරනවද .ඉස්සර ලස්සනට පිරිසිදුව තිබුණු ඇල දොළ ,පාරවල් වල දැන් සශේ පැකට් පිරිලා ,ජරා වෙලා

  8. malraj says:

    ලක්ෂ හට නවයක pawe neda,,,,,,,,,

  9. සමන්ත says:

    180ml බෝතල් කොහොමත් තියෙනවානේ. ඒක අලුත් දෙයක්ද? 50ml සිට මත්පැන් බෝතල් තියෙනවානේ. අනෙක් එක ත්බ්බා කියලා කවුරුත් බලෙන් පොවන්නේ නෑ නේ. අපේ රටට වඩා බෞද්ධයන් ඉන්න තායිලන්තය, බුරුමය වගේ රටවලත් තියෙනවා. දෙයක් තහනම් කරන්න නෙමේ අවශ්‍ය එහි පලවිපාක පිලිබද දැනුවත් කීරීම. බුදුන් වහන්සේ වුවද දේශනා කලේ ඒ ආකාරයෙන්.

  10. Kabraal says:

    Poottuwe Joniya Mokada Kiyanne ?

Main News