අරගලකරුවන්ගේ පක්‍ෂය ලියාපදිංචි කරන්න බෑ කියයි…

July 19, 2022 at 3:50 pm | lanka C news
අරගලකරුවන්ගේ පක්‍ෂය ලියාපදිංචි කරන්න බෑ කියයි…

ගාලුමෝදර විරෝධතා කරුවන් පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට සිදු කරන ලද ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ එසේ පිහිටුවාගෙන ඇති පක්ෂය මැතිවරණ පනතෙන් බැහැරව ලියාපදිංචි කිරීමට නොහැකි බවයි.

ඊයේ දහවල් පිරිසක් විසින් නව පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා කොමිෂන් සභාවට අදාළ ලිපි භාර දී තිබේ.

එහිදී මැතිවරණ කොමිෂන් සභා පෙන්වා දී ඇත්තේ නව පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වන කාලය මේ වන විට අවසන් වී ඇති බවයි.

නියමිත දිනට පසුව ඉදිරිපත් කරන ලද අයදුම්පත් දැනටමත් කිහිපයක් ප්‍රතික්ෂේප කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව නියමිත කාලයේ දී යළි අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

78,598 views

14 Comments to “අරගලකරුවන්ගේ පක්‍ෂය ලියාපදිංචි කරන්න බෑ කියයි…”

  1. JR says:

    මේ හදිස්සියෙ මුන් පස්ස ලියාපදිංචි කරන්න යාමෙන් පැහැදිලි වෙන්නෙ මේ අරගලගාය හැදිල තියන අඩුකුලේ පරහැත්ත ngo කුලියට උඩුබුරන සුනකයන් බවයි. රට හදන්න උවමනාවක් හෝ සැලසුමක් තිබුනා නම් අරගලගායට නටන්න කලින් පස්සවල් හදාගෙන සැලසුම් කරලා තියෙන්න ඕනි. දැං ඉතිං පස්සවල් හදාගෙන හිටපියව් කවදාහරි චන්දෙකදි ඔය අරගල ගාය හොඳ වෙන්නම ජනතාවට කියල ඇරවගන්න. එතකං ඔය ngo පල්ලි පිල්ලි පාදිලි කල්ලි අරගල ගායට 💉 ඉන්ජෙක්ෂන් එකක් සමහරවිට රනිල්ගෙන් හම්බවෙයි…. ඒ වගත් මෙසේමයි…!!!