අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

August 5, 2022 at 10:04 am | lanka C news
අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි.

මුලින් අරගලකරුවන් වෙනුවෙන් මුදල් අය නොකර නීතිඥයන් විශාල පිරිසක් එකවර පෙනී සිටියද ප්‍රමුඛ අද වන විට ඔවුන් නොමිලේ පෙනී සිටීම අතහැර දමා ඇත.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහ අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගන්නේ යැයි සැක සහිත අය සඳහා නීතිඥ සහාය ලබා ගැනීමේ දී නීතිඥයන් විසින් තම ගාස්තු සාමාන්‍ය පරිදි අය කරමින් සිටිති.

ඒ හේතුවෙන් ඇතැම් අරගලකරුවන් මූල්‍ය අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වී වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැසිරීම සම්බන්ධයෙන් ද එම සංගමයේ ඇතැම් පාර්ශව විසින් ප්‍රශ්න කර තිබේ. එහි කණ්ඩායමක් විසින් සංගමයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ නීතීඥ සංගමයේ ඇතැම් සාමාජිකයන් පසුගිය දිනවල වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් කිරිමෙන් හැසිරී ඇති බවයි.

35,721 views

43 Comments to “අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…”

  1. රොනී says:

    දැන් සනීපද කියල තමයි අහන්න තියන්නෙ පව් අප්පා අරගල කරන්න ගිය සෙට් එක ඕවත් දැන් අනුර අයියටයි දමිත අක්කටයි කියන්න මොනාම හරි කරල දෙයිද බලන්නකෝ

  2. Diddeniya says:

    Lawyers in Sri Lanka suffer from an inferiority complex. When they joined the protest marches, they did so wearing their ties. This was in the dead of the afternoon when it was very hot and humid.
    By wearing ties at the protest marches they wanted to show that they are different from the other protesters. That they are lawyers. That they are a cut above the others.
    Disgraceful.

  3. Rk says:

    ,නඩුත් නැතුව හිටියේ අපිට..

  4. සනත් says:

    අපේ මෝඩයෝ පෙරකදෝරු ගැටවලට තාම අහුවෙනවා

  5. DK kumara says:

    රුවන්වැල්ලේ ඇස් දමිතටයි, ලප කුමාරයි කියන්න ඒ ගොල්ලො ඔයාල වෙනුවෙන් ඕන දෙයක් කරයිනේ. බැරිම වුනොත් ලෝයස් ලගෝ ගෙවල් වලට කරල ගිණි කියල ඔයාලට විසදුම් ලබාදීම කරයි….. බව වෙන්න එපා මල්ලි ඔයාල….. අරගල කරන්න.

  6. DK kumara says:

    රුවන්වැලේ ඇස් දමිත අක්ක වගේම ලප කුමාර අයියා අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරාවි. ලෝයර්ස්ල එයාල කියන දේ නොකරොත් එයාලගේ ගෙවල් වලට කරල ගිණි තියන හරි ඔයාල ගැන බලා ගනීවි. ඔයාල භය වෙන්න එපා මල්ලි…. ඔයාල අරගල කරන්න…

Leave a Comment

Main News