අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

August 5, 2022 at 10:04 am | lanka C news
අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…

ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි.

මුලින් අරගලකරුවන් වෙනුවෙන් මුදල් අය නොකර නීතිඥයන් විශාල පිරිසක් එකවර පෙනී සිටියද ප්‍රමුඛ අද වන විට ඔවුන් නොමිලේ පෙනී සිටීම අතහැර දමා ඇත.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහ අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගන්නේ යැයි සැක සහිත අය සඳහා නීතිඥ සහාය ලබා ගැනීමේ දී නීතිඥයන් විසින් තම ගාස්තු සාමාන්‍ය පරිදි අය කරමින් සිටිති.

ඒ හේතුවෙන් ඇතැම් අරගලකරුවන් මූල්‍ය අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වී වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැසිරීම සම්බන්ධයෙන් ද එම සංගමයේ ඇතැම් පාර්ශව විසින් ප්‍රශ්න කර තිබේ. එහි කණ්ඩායමක් විසින් සංගමයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ නීතීඥ සංගමයේ ඇතැම් සාමාජිකයන් පසුගිය දිනවල වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් කිරිමෙන් හැසිරී ඇති බවයි.

35,904 views

43 Comments to “අරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…”

  1. kularathna says:

    මෙි සිංහල අපගේ රටයි.මෙික නොදන්න අය තාම ඉන්නවා.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      මල්ලිලා අපේ ගෙදර එන්ඩ අරක්කු අරගෙන අක්ක බලාගැනී ඔයාලව
      මල්ලි කතරගම යන්ද බෙලිගෙඩි 3 ගන්ඩ පුලුවන්ද

  2. labba says:

    they wanted just a publicity …nothing else . then they can make more business. thats all nothing there .. what a system change ……ha…ha…ha.. .bila…bila.

  3. කබරගොයා තළගොයා වූ කළ says:

    ලංකාව යනු බොරු උගතුන් බහුතරය ඇති රටකි. එබැවින් මේ රටේ නීතිය බල්ලාට ගොසින් වසර ගණනාවක් ගොසිනි. උසස් පැලැන්තියේ නීති විශාරදයින් නීතිය අදාල කරන්නේ මුදල් තියන දේශපාලන බලය ඇති අයටය. මෙම බලය ඇත්තෝ රටම මංකොල්ල කා ඇත. මංකොල්ල කෑම පොඩි එකාට යන්තම් පොඩ්ඩක් ඉඩ දී ඇත්තේ ලොකු එකා සම්පූර්ණයෙන්ම උලා කා දමා ඇති නිසාය. අහිංසක දුප්පත් පවුල්වල නීතිඥයන්ට තැනක් ඇත්තේ ඉතා අඩුවෙනි. ඔවුන්ටද තම දරු පවුල් ජීවත් කරවීමට ඇති බව සැබෑව. එහෙත් ඔවුන් කළ දුටු කළ බැංකු පිටින් සහ ගුවන් යානා පිටින් ගිල දැමුවන් රකිනවා නොවේ. කන්න වූ කළ කබරගොයා තලගොයා වීම මේ රටේ බොරුකාර සමාජයට පොදු දෙයකි.

  4. නීති සංගමේ අත්පොලසන් says:

    ජනාධිපති මන්දිරයෙන් නෙරපද්දී,
    ගෝඨාභය ජනාධිපතිට නොතිබූ නීතියේ ආරක්ෂාව ඔබට තිබේවි කියා හිතනවාද?

  5. Lalla says:

    නීතිඥයෝ කවදද පින් දහම් කලේ.අනික අරගලය NGO සල්ලිවලට කලා කියල දමිත නෝන පිලිගෙන තිබුන. ඉතින් සල්ලිවලට නීතිවේදී සේවය ගන්න ඕන නේද.

  6. පුංචි අම්මව ගත්ත එකා says:

    නීතීඥයො කවදද මිනිසුන්ට වැරදි කරන්න එපා කිව්වෙ.වැරදි කරන්න කියල නොමිලේ කියල නඩු කථා කරන්න කළු සල්ලි අයකරයි.සාලිය පීරිස්ට ජය වේවා!

  7. P.d goonawardena says:

    කෑව නේද වදකහ සුදිය…..

  8. Prabath says:

    tuition ගුරුවරුත් ළමයි වැඩි කරගන්න පලවෙනි දවසේ නොමිලේ කරනවා. මෙයාල නඩු වැඩි කරගන්න අරගලවලට සහය දෙනවා.

  9. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    ජේවිපි එකේ නීති දෙව්වරු නොමිලේ තාමත් පෙනි සිටිනවා .අරගලයට ජයවේවා !🇱🇰👍

  10. රසික says:

    හැමෝගෙම ගේම් ටික ටික එලියට එනවා

Leave a Comment

Main News