අරගලකරුවන් සිවු දෙනෙකුට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර..? උවිදු විජේවීරත් ඒ අතර..

July 31, 2022 at 4:40 pm | lanka C news
අරගලකරුවන් සිවු දෙනෙකුට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර..? උවිදු විජේවීරත් ඒ අතර..

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර ඇතුළු තරුණයන් තරුණියන් සිව් දෙනෙකුට පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇත්තේ සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඉවත්ව ඒ සඳහා මෙම තරුණ පිරිසට ඉඩ ලබා දිය යුතු බවට මෙහිදී යෝජනා කර තිබේ.

උවිඳු විජේවීරට අමතරව අනෙක් පිරිස් පිරිස අරගලයට නායකත්වය දුන් තරැණ තරුණියන් විය යුතු බව ද යෝජනා වී තිබේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද දැනගන්නට ඇත.

150,337 views

36 Comments to “අරගලකරුවන් සිවු දෙනෙකුට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර..? උවිදු විජේවීරත් ඒ අතර..”

  1. ආලපාල says:

    අපි system change ගැන කතා කරනවා. රටේ මිනිස්සුන්ගෙ tax වලින් පොලිටික්කෝයි ආන්ඩුවේ අයයි ගහන ගැහිලි ගැන කතා කරනවා. ඒත් ඔය අන්තරේ ගැනත් කතා කරමුකෝ. එක විශ්‍වවිද්‍යාල සිසුවෙකුට රුපියල් 100000 අවුරුද්දකට යනවනම් ළමයි 10000ක් අවුරුද්දකට විශ්‍වවිද්‍යාලයට යනවනම් ඒගොල්ලන්ගෙ strike, picketing හින්දා අවුරුද්දක් කල් ගියොත් අන්තරේ අර මිනිස්සුන්ගෙ tax වලින් කීයක් නාස්ති කරනවද?රුපියල් බිලියනයක්. ඒවා මිනිස්සුන්ගෙ tax නෙවෙයිද ?ඒ විතරද? ඒවට සම්බන්ධ කරගන්න ළමයින්ගේ කාලය, ඒ කාලෙදි ඒ අය රැකියා පුහුණුවක් ගත්තොත් ඒකෙන් හම්බවෙන ආදායමයි අත්දැකීම් ටිකයි සල්ලි වලින් මනින්න පුලුවන්ද? ඊට පස්සෙ ඔය ස්ට්‍රයික් කාලේ ඔය ළමයි ගෙවල්වල ඉන්න කොට අම්මලා තාත්තලාට දරන්න වෙන වියදම. හැබැයි අපි කතා කරන්නේ system change.😂

Main News