අරගලකරුවන් සුදු කොඩි ඔසවයි.. ජනාධිපතිගෙන් සංහිදියාව ඉල්ලයි..

August 3, 2022 at 10:22 pm | lanka C news
අරගලකරුවන් සුදු කොඩි ඔසවයි.. ජනාධිපතිගෙන් සංහිදියාව ඉල්ලයි..

ගාළු මුවදොර අරගලකරුවන් වෙනුවෙන්, ‘Black Cap Movement‘ සංවිධානය විසින් ජනාධිපති වික‍්‍රමසිංහ මහතාගෙන් සංහිඳියා ක්‍රියාවලියක් ඉල්ලා සිටී.

එම ඉල්ලීම කරමින් ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

—-

රනිල් වික්‍රමසිංහ මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති කාර්‍යාලය,
කොළඔ 01.

හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණනි,

සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර සංහිඳියා ක්‍රියාවලියක් ඇතිකර ගැනීම සම්බන්දවයි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අතිශය අසිරූ ආර්ථික සහ සමාජීය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අසීරු මොහොතේ ජනාධිපතිධූරයට පත්වූ ඔබගේ ක්‍රියාකලාපය අප සංවිධානයක් ලෙස නිරීක්ෂණය කරමින් සිටිමු.

මෙරට ජාතිය ගොඩනැඟීමටත්, සංහිඳියා ක්‍රියාවලියක් සඳහා 30 වසරක කුරිරු යුද්දයෙන් පසුව අවස්ථාවක් ලැබුණු බව ඔබ ද දන්නා කරුණකි. නමුත් එම මහඟු අවස්ථාව යුද්ධය අවසාන සමය් බලයෙ සිටි දේශපාලන නායකත්වයන් විසින් මඟහරවා ගන්නා ලදි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

ශ්‍රී ලංකාවේ සිදුවූ ඓතිහාසික ජන නැගිටීම හේතුවෙන් මෙරට පැහැදිලි දේශපාලන පරිවර්තනයකට මේ මොහොතේ අවස්ථාව උදා වී තිබේ. නමුත් කණගාටුවට කරුණ නම් මෙම ජන නැගිටීමට සම්බන්ධ වූ අහිංසක, නිරායුද පුරවැසියන් ද දරුණු ලෙස මර්ධනයට ලක් වෙමින් තිබීමයි.

හිතවත් වික්‍රමසිංහ මහතාණනි,

මේ මොහොතේ සාමකාමී විරෝධතාකරුවන් සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සංහිඳියා ක්‍රියාවලියක් ගොඩනැඟීමේ අවශ්‍යතාවය උදා වී තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය සිවිල් සමාජමය මැදිහත්වීම සිදුකිරීමට සාමකාමී විරෝධතා සංවිධානයක් ලෙස Black Cap Movement සුදානම් බවත් ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි!

Black Cap Movement වෙනුවෙන්,

විමුක්ති දුෂාන්ත
සම කැඳවුම්කරු

46,620 views

39 Comments to “අරගලකරුවන් සුදු කොඩි ඔසවයි.. ජනාධිපතිගෙන් සංහිදියාව ඉල්ලයි..”

  1. Saman says:

    එතකොට වල් පරයෝ අරගල කරාම ඩොලර් එනවද? තවත් කාලය කකා කරන මිනිහෙකුටත් ඩොලර් එන විදිහට වැඩ කරන්න නොදී උබලා වගෙ අපතයින්ට ගුබ්බෑ මඩන් හදාගෙන මේ රටේ නම තවත් කැත කරන්න ඉඩ දෙන්න කියල කියන්නේ හරකෝ. එන ඩොලර් ටිකත් නැතිවෙන්න තමයි උබලා අරගලය දිගටම කරන්නේ. අවසාන අරමුණ ලපයාව බලයට ගෙනඑම.

    • නෙළුම් කුළුණ උඩට නැගලා තව හයියෙන් කියපන්

      • Buddhi says:

        Did you notice? I see the beginning of end of RW’s reign & beginning of return of Rajapakshas in this event.RW played just the tune of our National Anthem.Gota got all three communities together to sing our National Anthem. If RW forgets again he is President of a Buddhist country his shelf time is very short.

      • Tanu says:

        දැන් ඇති දැන් තව වයස ගෙවන්න බෑ මේක හරියන විදියක් තියෙන්න ඕන දැන් කරන ඕනේ එකෙක්ට අවුරුදක් වත් දෙන්න ඕන අනුර කුමාරට ගන්න කී ගත්තද දැනුත් එය එන්නේ නැත්තේ මන් හිතන්නේ එයා මස 6කතාව කියන්නේ එයට බා මෙකාන්මස 6න් තියා අවුරුදු දෙකකට වත් හදන්න එනිසා එය මස හයෙන් විසුරුවලා තැටිය රත් උනා වෙලාවේ අවුරුදු යකටම බලය ගන්න. කෞඩ බැලුවම බල ලොබිය කී පේනවා රනිල එක්ක අවුරුද්ද ඉන්න බලු 6න් කරලා ඡන්දයක් තියලා තපහක් ගන්නැයි කල්පනාව බැලුවම කයිය විතරයි

  2. මීයා says:

    මේක එක නාටකයක විවිධ කොටස්. අලගලය මුවාවෙන් මීට රැවටුනු අයට අපගේ සාතිශය ශෝකය.

  3. Asoka says:

    mun LTTE diasporaaway backing eken rata winaasa keruwaa, winaasa karanawaa. Ekanay demalu kiyannay sinhalaya modaya kavun kanta yodaya kiyala. Prabakaran kewwa hundiyakata gihin sinhalayan inna tanakata gihin salli wisi karapuwaama sinhalayangay pukata wedithiyanna puluwan kiyala. Apay sinhala rata gana hithapallaa, seeyata 75 innay sinhalayo, demalu seeyata 11%, watu demalu siyata 4 marakkalayo siyata 9 innay. Kelaihiguna nodath sinhalayo, danwath watahaa ganillaa

  4. Asoka says:

    අරගලය අහිංසකයි නිරායුධයි නිකමි කියමන් දෙකක් විතරයි.අහිංසක නමි අරගල භූමියෙන් එලියට ගිහින් රාජ්‍ය දේපල විනාශ කලේ ඇයි? ඔය දැන් විනාශකල දේපල නැවත යථාතත්වයට ගේන්නෙ අපේ බදු මුදලින්. ඒ නිසා මොවුන් නිහඩකර අහිංසක වැසියන්ට සාමකාමීව ඡීවත් වෙන්න ඉඩ ලබා දෙන්න.

  5. Shane says:

    Salves of upper class comments lots here

  6. RITIGALA says:

    kohomath eyalage labila thibuna target eka gota elawana ekalu ne…dan thamange account eka balagena sapen innai thiyenne.

  7. nuwan,w says:

    italy has given 3 billions of Euros thatswhy whole food items prices gone down … now u all thanks to italy italy is not a Buddhist country …

Leave a Comment

Main News