අරගලකරුවෝ සටන් වැදීම තෝරාගනිති.. ගාළු මුවදොරින් ඉවත් නොවන බව දැනුම් දෙති..
August 5, 2022 at 12:02 am | lanka C news
පොලිසිය විසින් කළ දැනුම් දීම අනුව අද දිනයේ ගාලු මුවදොර පිටියෙන් ඉවත් නොවන බව ගාලුමුවදොර විරෝධතාවේ යෙදී සිටින අරගලරුවෝ කියා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසියට එවන් නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පතන බවත්ය.
අද පස්වරු 5 ට පෙර අරගලකරුවන්ට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබිණි.
ගාළු මුවදොර හා අවට ප්රදේශය නාගරික සංවර්ධන අධිකාරියට සහ වරාය අධිකාරියට අයිති භූමි භාගයක් හෙයින් එම ස්ථානවලින් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
Kalakanni adu kule para hatta kannay hadanne 88-90 wage ayeth.
These are the “daruwans” of sane Vel Vidane.