අරගලය අවසන් කරන්න 09 වැනිදා කොළඹ එන්න.. හමුදාව-පොලිසිය අත දාන්න එපා..- ෆොන්සේකා

July 27, 2022 at 10:22 pm | lanka C news
අරගලය අවසන් කරන්න 09 වැනිදා කොළඹ එන්න.. හමුදාව-පොලිසිය අත දාන්න එපා..- ෆොන්සේකා

මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද හෙතෙම සඳහන් කළේය.

වර්තමාන පාලකයන් අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම ආකාරයකට මැදිහත් නොවන ලෙස පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසුවේය.

එසේ ම දූෂිත පාලකයන් සඳහා මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා අරගල කරුවන්ට තමා සැමවිටම ආශිර්වාද කරන බවද ප්‍රකාශ කළේය.

යම් යම් ස්ථානවල යම් යම් වටිනා දේවල් විනාශ වී ඇති බවට සමහරුන් ප්‍රකාශ කරන බවත් අරගලකරුවන් කැප වී සිටින්නේ ඒ විනාශ වූ දේට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමේ උතුම් අරමුණින් යුතුව යැයි අප කවුරුත් සිහි තබා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– ලංකාදීප

140,884 views

137 Comments to “අරගලය අවසන් කරන්න 09 වැනිදා කොළඹ එන්න.. හමුදාව-පොලිසිය අත දාන්න එපා..- ෆොන්සේකා”

  1. JR says:

    මේ උන්නැහෙගෙ තරම හරියටම දැනගන්න ඕන්නං මෙයා හිටපු කාලෙ හමුදාවෙ පහල නිලයන්ගෙන් අහන්න… කනේ ඇඟිලි ගහගන්න කියයි… කලවැද්දෝ කොච්චර හොඳද කියල හිතෙයි…

  2. Boo says:

    බූරැවෙක් කියලා මං කලින් හිතාගෙන හිටියට බලනකොට මූ ඌරැ තඩියෙක්. මුව හොඳ මස් කඩේටම විතරයි. මොලයක් ඇත්තෙම නෑ. මූට කලවැද්දා කියල කියන එක කල වැද්දන්ටත් අපහාසයක් ගඳයා.

  3. gona says:

    please do not get mis leaded by this man. Being in the Military I know how he treated others . please use your brain when listening to this gentleman

Leave a Comment

Main News