අරගලයේ ගාලගෝට්ටි.. සමාජ ජාලාවල එලිපිට බැනගනිති.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ලේ එන තුරු ගහලා…

August 3, 2022 at 9:20 am | lanka C news
අරගලයේ ගාලගෝට්ටි.. සමාජ ජාලාවල එලිපිට බැනගනිති.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ලේ එන තුරු ගහලා…

කොළඹ ගාලු මුවදොර විරෝධතාව වෙනුවෙන් මුල සිටම පෙනී සිටි සමාජ ජාලා පිටුවක් විසින් එම සංවිධානයේ තවත් පාර්ශ්වයක් වෙත දැඩි විවේචන එල්ල කර ඇත.

එම අරගලයේ ප‍්‍රධානියෙක් ලෙස පෙනී සිටින සේනාධී ගුරුගේ හා තවත් කිහිප දෙනෙකු පිලිබදව ඔවුන් විසින් දැඩි විවේචන එල්ල කරමින් සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

අරගලය ජාතික ව්‍යාපාරය නොහොත් සාමකාමී ජන අරගලය විකුණගෙන කන යාචකයන්ගේ කඳවුර ගැන කෙරෙන විශේෂ හෙලිදරවුව..!

සාමකාමී ජන අරගලය පටන් අරගෙන ටික දවසකින් අප්‍රේල් 18විතර (දිනය නිශ්චිත නෑ) අරගලභූමියේ කුස්සියේ වැඩකටයුතු ආරම්භ කරනවා අන්න ඒකට මුවාවෙලා සේනාධි ගුරුගේ කියන පුද්ගලයා අරගලභූමියට එනවා.

මුලින්ම බලංගොඩ කස්සප ඇතුලු පැතුම්කර්නර්ගේ හෙංචයියන් කිහිප දෙනෙක් සහ අපි දන්න කීපදෙනෙක් වට කරගෙන මාධ්‍ය නිවේදනයක් දෙනවා “අපි පිරිස තමයි අරගලයේ මාධ්‍ය නිවේදන දෙන ඔපීශියල් අරගලකරුවන් ” කියලා. ඒවගේම එදාම කියනවා ” අරගල භූමියේ බෙටි ඇහිඳින්නේ නැත්නම් ලූනු සුද්ද කරන්නේ නැත්නම් අරගලකරුවන් කියන්න අයිතියක් නෑ ” වගේ ප්‍රකාශයක්. අරගලභූමිය බෙදන්න මේ පුද්ගලයා කරන පලවෙනි වැඩේ ඒක.

ඊඟට අරගලයට සහයෝගය දෙන්න ආපු කලාකරුවන් (විශ්ණු වාසු ඇතුලු) සෑහෙන වටිනා පිරිසකට පහරදෙන්න ගිහින් ලොකු බෙදීමක් ඇති කරා.

ඊලඟට යම් යම් පිරිස් වටකරගෙන සෑහෙන පිරිසකට පහරදීම් සිද්ද කරා. ඒකේ උච්චතම ප්‍රශ්නය ඇති උනේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට නාහෙන් කටෙන් ලේ එනකල් පහර දීලා අරගල භූමියේ සාමයට ලොකු හානියක් කරා.

ඊලඟට අවසාන මහා විනාශයක් කරපු සිදු වීම විදියට බණ්ඩාරණායක පිළිමය පෙරලන්න කඹේකුත් අරගෙන ගිහින් නටපු නාඩගම නිසා මීටර් 50 අධිකරණ තීන්දුව අරගල භූමියට අරගෙන දුන්නා.

දැන් අන්තිමට තමයි ලොකුම නාඩගම පටන්ගෙන තියෙන්නේ. මේ වගේ මන්ද.බුද්ධික අවස්ථාවාදී පිස්සන් නිසා අරගල භූමියට වෙච්ච නොසෑහෙන පාඩු විඳ දරාගෙන ඉස්සරහට යන්න සැබෑම අවංක හැඟීමෙන් අරගලයට එකතු උන සෑහෙන පිරිසකට සිද්ධ උනා.

මේ වගේ පුද්ගලයන්ගෙන් අරගලය බේරගන්න එක රජයෙන් රට බේරගන්නවට වඩා අමාරුයි. වචන වලින් තොරන් බැඳගෙන මිනිස්සුන්ගේ ඔලු කන ගමන් අරගලය විකුණන් කන දේශපාලනික හිඟ.න්නන්ගෙ ගමන දිග නෑ. බොහොම කෙටියි.

මොවුන් කරනා කිසිම දේකට ගෝල්ෆේස් අරගලයේ සම්බන්ධයක් නොමැති අතර. බොගේ කල්කිරියාව ගැන වගකීමක් ගන්නේ ද නැත .

මේ වෙලාවේ රටේ ස්වභාවය අනුව දේශපාලන ක්‍රියාමාර්ග උචිත වුවත් මොහු වාගේ මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු කිසිදු ජන අරගලයකට නායකත්වය නොගත යුතු බව අපේ මතයයි.

අරගලය නමින් සංවිධාන පිහිටුවීමට අප තරයේ විරුද්ධ යි.

– ගාලුමුවදොර සාමකාමි අරගලකරුවන් (Pimma FB)

82,149 views

35 Comments to “අරගලයේ ගාලගෝට්ටි.. සමාජ ජාලාවල එලිපිට බැනගනිති.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ලේ එන තුරු ගහලා…”

  1. Pronto says:

    ගොන්සේකාගේ අරගලයේ දරුවෝ.
    උන් පූස් පැටවුන්ටත් වඩා අහිංසකයි.

  2. de silva says:

    They are learning. we all learned the art of living at home, expenses borne by parents. they did it on public property when they learn that there are no Gods or saints or perfect humans in this world they will GO HOME- But that workshop was too costly for the failing country

  3. Kamala says:

    අමාරුවේ වැටිලා තියන වෙලාවේදි මුන්ගෙ මඩියයි ප්‍රතිරූප යි වර්ධනය කර ගන්න දංගලන ඒක රටේ සල්ලි වලින්ම කරපු කාලකන්නි අවස්තාවාදී ටිකක්

Leave a Comment

Main News