අරගල කූඩාරම් ඇතුලෙන් මත්කුඩු උරන උපකරණ හමුවේ..

August 13, 2022 at 10:00 am | lanka C news
අරගල කූඩාරම් ඇතුලෙන් මත්කුඩු උරන උපකරණ හමුවේ..

ගාලුමුවදොර අරගෙන භූමියේ කූඩාරම් තුල මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද‍්‍රව්‍ය ප‍්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා යොදා ගන්නා ඊයම් කොළ හා බට ද පොලිස් බාරයට ගෙන ඇත.

ඊයේ දිනයේ ගාලු මුවදොර අරගල භූමිය ඉවත් කිරීමේ අවස්ථාවේදී මේවා සොයා ගත් බව පොලිසිය කියා සිටියි.

26,764 views

23 Comments to “අරගල කූඩාරම් ඇතුලෙන් මත්කුඩු උරන උපකරණ හමුවේ..”

  1. අරගලය කළ නායකයන්ගේ දුර්වල තැන් says:

    අරගලය පටන් ගත්තෙ බුද්ධිමත් හෘද සාක්ෂිය සහ වගකීමක් ඇති මිනිස්සුන්ගෙ දායකත්වයෙන්. ධර්මය උගන්වන පන්සල පොදු කාටත් විවෘත නිසා එහි දානය වලදන්න හොරුත් එනවා වාගේ නගරවල ඉන්න කුඩුකාර හොරුන් මේ භූමියට ඇදුනෙ එයට එන වැදගත් මිනිස්සුන්ගෙ දේ හොරකම් කරන්න සහ මිනිස්සු රවටන්න. පච්ඡ කොටාගත්ත රැවුල වවාගත්ත සහ මාල වළලු දාගත්ත මූණ නොසෝදන කිලිටි පිරිමි රස්තියාදුකාරයන් යැයි නම් කිරීම වැරදියිද? මේ අය රැවුල වවාගෙන තියෙන මාල වළලු කරාබු පැලැන්දත් ශරීරය සන්තර්පනය හැරෙන්නට මොළේ කලදක් නැති කෛරාටික වංචනික කුඩු කාරයන්ගේ හැසිරීම පාලනය ජ.වි.පෙ. සහ පෙරටුගාමීන්ට නොහැකිවීම ඔවුන්ගේ නායකත්වය පිළිබද ප්‍රශ්නාර්ථයක් ඇති කරනවා. මෙය විශ්ව විද්‍යාල සිසුන් කළා නොවේ. මෙම සිසුන්ගේ වැරැද්ද නම් කුඩුකාර රස්තියාදුකාර වංචනිකයන් හදුනාගැනීම නොහැකිවීම සහ මෙවන් සොරුන්ගේ හැසිරීම තමන්ට පාලනය කිරීමට නොහැකිවීමයි.

    • Alapaluwage Labba Eliye says:

      A nice try to whitewash JVP, Peratugamie, and other Aragala leaders.
      Yes, they are as innocent as just-born kittens. They are the kids of Sarath Fonseka.

  2. Msae says:

    😂😂😂😂😂😂😂