අරගල ප‍්‍රධානියෙක් ව්‍යාපාරිකයෙකුගේ ගෙල මිරිකා මුදල් බෑගයක් පැහැර ගනී.. අත්අඩංගුවට..

September 22, 2022 at 9:20 am | lanka C news
අරගල ප‍්‍රධානියෙක් ව්‍යාපාරිකයෙකුගේ ගෙල මිරිකා මුදල් බෑගයක් පැහැර ගනී.. අත්අඩංගුවට..

ගාලුමුවදොර අරගලයට සම්බන්ධ වූ අරගල කරුවකු මංකොල්ල කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගිනි.

ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තම ආයතනය වසා දමා නිවස බලා පිටත්ව යෑමට මාර්ගය අසල සිටියදී මෙම සැකකරුවන් තිදෙනා ව්‍යාපාරිකයාගේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් තිදෙනා ව්‍යාපාරිකයාගේ ගෙල මිරිකා මුදල් යයි සිතා බෑගය පැහැරගෙන ගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතරින් ප්‍රධාන ප්‍රධාන සැකකරු ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරීව සිටි අයකු බවත් ඔහු හිටපු හමුදා සෙබළකු බවත්ය.

මෙම සැකකරු ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට පහර දීම, මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තැබීම් වැනි සිදුවීම් කිහිපයක සැකකරුවකු පොලිසිය කියයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

31,418 views

18 Comments to “අරගල ප‍්‍රධානියෙක් ව්‍යාපාරිකයෙකුගේ ගෙල මිරිකා මුදල් බෑගයක් පැහැර ගනී.. අත්අඩංගුවට..”

  1. සවි අරික්කාල says:

    උගන්ඩාවට පටවපු සල්ලි කොල්ලකෑවේ කොහේනද බං. ඒවත් මේවගේ ලියහල්ලකො….!

  2. හොර දේශය says:

    පාර්ලිමේන්තුවටත් පාදඩයන්ට රිංගන්න හැකිවූ එකේ අරගලයෙත් ඒ වගේ ලෝක හොරු ඉන්න පුළුවන්. රනිල් මේ විදියට රාජ්‍ය ඇමතිලා සතුටු කරමින් ඉදලා සෑහුනොත් රට ඉවරයි. දැනටත් පිබිදෙන ගායක පරපුර වගේ පිබිදී එන මංකොල්ලකරුවො වැඩි වේගෙන එන්නෙ බෑග් එකක් අරන් එළියට බහින්නත් බැරි ලෙසයි.

Leave a Comment

Main News