අරණායක සභාපති ඇතුලූ මන්ත‍්‍රීවරුවන් පිරිසක් පොලිසියෙන් හොයයි.. පුද්ගලයෙකුට පහර දී රෝහලේ..

May 30, 2019 at 4:40 pm | lanka C news
අරණායක සභාපති ඇතුලූ මන්ත‍්‍රීවරුවන් පිරිසක් පොලිසියෙන් හොයයි.. පුද්ගලයෙකුට පහර දී රෝහලේ..

අරණායක ප‍්‍රාදේශිය සභාවේ යෝජනාවකට පැවති ජන්ද විමසිමකදි පැරදිම නිසා කෝප වූ සභාපති හා තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙදෙනෙකුත් ඔහුගේ පක්ෂිකයන් කොටසක් එක් වි අරණායක ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිටදි ශ‍්‍රීලනිප හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතාගේ ලේකම්වරයෙකුට පහර දිමේ සිද්ධියක් වාර්තා විය.

මෙම පහර දිම හේතුවෙන් මේ වන විට රෝහල් ගත කර ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ ලේකම් හබලක්කාව වසමෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කරන ලද දිපාල් බදුවත්ත මහතායි.

ඒ මහතාගේ ශරිරයේ ස්ථාන කිහිපයට සිදු වු තැලිම් තුවාල හේතුවෙන් මේ වන විට මාවනැල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධීය සම්න්ධයෙන් අරණායක පොලිසිය මගින්ද පරික්ෂණ කටයුතු සිදු කරමින් පවති.

පහර දිමට අදාල සිද්ධිය හැටියට වාර්තා වන්නේ ඊයේ පැවැති අරණායක ප‍්‍රාදේශීය සභාවේ විශේෂ සභාවරයයි. එම සභාව අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභා ගර්බයේදි පවත්වනු ලැබුයේ එහි සභාපති එජාපයේ නිහාල් සෙනෙවිරත්න මහතා විසින් විපක්ෂ නායක ඇතුලූ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටි ඉල්ලිමකට අනුවයි.

එම ඉල්ලිම වන්නේ පසුගිය 2018 ජුලි මාසයේ විපක්ෂ නායක පොදුන පෙරමුණ මන්ත‍්‍රී ඩබ්ලිව් ජයරත්න මහතා විසින් අරණායක නාය ගිය එළගිපිටිය කන්දේ දැනට අරණායක වසන්තගම නිවාසයක පදිංචි දිළිදු පවුලක කාන්තාවක් වන සාගරිකා දමයන්ති යන අයට අරණායක ප‍්‍රාදේශිය සභාවේ පුස්තකාල සහායක තනතුරක් ලබා දිම වෙනුවෙන් යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදි.

එම යෝජනාව අනුව කියවුනේ එම තැනැත්තිය පුස්තකාල තනතුර වෙනුවෙන් බදවා ගැනිමට එවක සබරගමුව ආණ්ඩුකාරව සිටි නිලූකා ඒකනායක මහත්මියගේද නිර්දේශකත්වය ලබා දුන් ලිපියක් සභාව වෙත ඒවා ඇති බවයි. එම ලිපියේ පිටපතක්ද සභාවට ඉදිරිපත් කරමින් එම යෝජනාව ඉදිරිපත් විය.

නමුත් මෙම යෝජනාව ගෙන එමෙන් පසුව සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සභාව හමුවේ පැවසුයේ පුස්තකාල තනතුරක් පුරප්පාඩු වු විගස ඇයව බඳවා ගැනිමක් සිදු කරන බවයි. නමුත් එදා සිට මේ දක්වා ඇයව අරණායක සභාවේ තනතුරක් වෙනුවෙන් බදවා ගැනිම සිදු නොවිම නිසා නැවත 29 වැනි දින විශේෂ සභාවක් කැඳවිමෙන් පසුව සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කිරිම විපක්ෂ නායක පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ඩබ්ලිව් ජයරත්න මහතා විසින් සිදු කරන ලද අතර ඊට එක්සත් ජාතික පක්ෂයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ඇතුලූ මන්ත‍්‍රීවරුන් විරුද්ධ විම නිසා එදින සභාවේ සිටින මන්ත‍්‍රීවරුන්ගෙන්ගෙන් බෙදිමක් සිදු කර බැලිමට කැමැත්ත ප‍්‍රකාශ විය.

එම ජන්ද විමසිමේදි පොදුජන පෙරමුණ සහ ශ‍්‍රීලනිප නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සිව් දෙනාගෙන් උප සභාපති ඇතුලූ තිදෙනෙක් යෝජනාවට පක්ෂ ජන්ය ලබා දුන් අතර ශ‍්‍රීලනිප හකුරුගම්මන කොට්ඨාංශයේ ශෂික නුවන් මන්ත‍්‍රීවරයා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා ජන්දය ලබා දිමෙන් වැලකි සිටිම හේතුවෙන් මෙම ජන්ද විමසිමෙන් යෝජනාවට පක්ෂව ජන්ද 15 ක්ද යෝජනාවට විරුද්ධව ජන්ද 10 ක්ද ලබා ගැනිම සිදු විය. එදින සභාව සඳහා මන්ත‍්‍රීවරුන් 31 දෙනාගෙන් 27 දෙනෙකු පමණක් පැමිණ සිටින ලදි.

කෙසේ හෝ බෙදිමකට ගොස් පැවැති ජන්දයෙන් ජන්ද 15 ක් ලබා ගත් විපක්ෂය යෝජනාව ජයග‍්‍රහණය කිරිමෙන් අනතුරුව සභාවේ කටයුතු අවසන් වි මන්ත‍්‍රීවරුන් පිටව යන අවස්ථාවේ අරණායක ප‍්‍රාදේශීය සභාව වෙත එදින සභාවේ කටයුතු නිරික්ෂණයට පැමිණ සිටි දුෂ්මන්ත මිත‍්‍රපාල මහතාගේ ලේකම්වරයාට සභාව ඉදිරිපිටදි පහර දි ඇති අතර එම පහර දිමෙන් සිදු වන්නට ගිය විශාල අනතුර වලක්වා ගැනිමට එහි සිටි පිරිසක් සමත් විය.

කෙසේ වෙතත් දැනට මෙම පහර දිමෙන් තුවාල ලබා මාවනැල්ල රෝහලේ 7 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන දීපාල් බදුවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අරණායක ප‍්‍රාදේශීය සභාව කියලා කියන්නේ පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය ලබා ගත් ප‍්‍රාදේශිය සභාවක් එවකට එක්සත් ජාතික පක්ෂයට ගැතිව කටයුතු කර දැන් එජාපය සමග එක්වි අරණායක එජාප සංවිධායක ලෙස ඉන්න හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණය දිනපු දවස් වල අරණායක ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක එතුමාට හිතයිෂී අය තමයි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සිව් දෙනාට පත් කර ගත්තේ නමුත් එතන හැමදාමත් ශ‍්‍රීලනිප සමග වැඩ කරන ලද මන්ත‍්‍රීවරුන්ද හිටියා.

පොදුජන පෙරමුණ දිනපු ප‍්‍රාදේශීය සභාව එජාපයට කඬේ ගියපු ලලිත් දිසානායක මහත්තයා එකතු වේලා එහි බලය පිහිට විමේදි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ සහායත් අරන් උප සභාපතිකමත් ශ‍්‍රීලනිප අරන් එජාපයේ බලය සහිත ආණ්ඩුවක් පිහිටවා ගත්තා.

අද සිද්ධ වුනේ වෙනස් කරන්න බැහැ කියපු අරණායක සභාවේ එජාපයේ කඳවුර පළමු වරට කඩා බිඳ දැමිම. ඉදිරියටත් මේ විදිහම තමයි. සභාපති දැන් තාවකාලිකයි. දැන් එජාපයේ බහුතරය නැහැ. අද තිබ්බ මන්ත‍්‍රී ජන්දයෙන් දිනපු එක ඉවසා ගන්න බැරිව මට පහර දුන්නා. ඒ පහර දුන්නේ අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සෙනෙවිරත්න එම පක්ෂයේම ඉන්න මන්ත‍්‍රීවරයෙක් වන අමිල මන්ත‍්‍රීවරයා සහ අපේ පක්ෂයේ අද ජන්දය දුන්නේ නැතිව හැමදාමත් එජාපයට කඬේ යන ශෂික නුවන් කියන මන්ත‍්‍රීවරයායි. අපේ පක්ෂයේ ශෂීකට නම් පක්ෂයෙන් වහාම නෙරපා වෙනත් මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රීලනිප වෙනුවෙන් පත් කරන්න අවශ්‍ය සියල්ල මේ වන විට කර අවසන් ඒ වාගේම මට පහර දුන්න සභාපතිට හා මන්ත‍්‍රීවරුන්ට ඔහුන්ගේ ආධාරකරුවන්ට නිතීය හරියට ක‍්‍රියාත්මක කරන කම් මම බලා ගෙන ඉන්නවා. ඒ වාගේම අපේ පක්ෂිකයන් බලා ඉන්නවා යැයිද පැවසීය.

අරණායක ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ලක්සිරි අලූත්වත්ත මහතා.

අපේ පක්ෂිකයෙකුට එල්ල කරපු ප‍්‍රහාරය ගැන අපි කණගාටුවට පත් වෙනවා. එජාපය පැරදුනු වේදනාවෙන් මෙම ප‍්‍රහාරය සිදු කලා. අපගේ සහෝදර පක්ෂිකයාගේ කනට සහ යටි බඩට පහර දිම නිසා ඔහු දැන් අපහසුවෙන් ඉන්නේ වෛද්‍යවරුන් පරික්ෂණ සිදු කරනවා. ඒ වාගේම පහරදිම සිදු කරන ලද සභාපති ඇතුලූ මන්ත‍්‍රීවරුන් මේ වන විට සැගවිලා පොලිස් කණ්ඩායමක් ඔවුන් සොයනවා යැයිද පැවසීය.

කෙසේ වෙතත් එහි සිටි පිරිසක් පසුව එහි ගිය මාධ්‍ය කණ්ඩායම් වලට පැවසුයේ ආදාල ගැටලූම වන අවස්ථාවේ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුද එහි සිටි බවයි නමුත් ඔවුන් එම අවස්ථාව ජායාරූප ගත කිරිමට හෝ විඩියෝ කිරිමට නොගොස් බලා සිට ගිය බවත් පැවසීය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

43 views

2 Comments to “අරණායක සභාපති ඇතුලූ මන්ත‍්‍රීවරුවන් පිරිසක් පොලිසියෙන් හොයයි.. පුද්ගලයෙකුට පහර දී රෝහලේ..”

  1. Lol says:

    These politicos should not be doing recruitment. It should be done by the person managing the library. This entire system need to be changed.

  2. තව චුට්ටක් විතර විස්තර කරන්න බැරිද ? කොල්ලො.

Main News