අරලිගහ මැදුරේ භික්‍ෂුන් දහසකට ෆෙඩරල් දානයක්.. සාදු කියන්න පංවතුනි..

September 26, 2017 at 10:40 am | lanka C news
අරලිගහ මැදුරේ භික්‍ෂුන් දහසකට ෆෙඩරල් දානයක්.. සාදු කියන්න පංවතුනි..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අගමැතිතුමා විසින් පසුගිය සිකුරාදා පෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා.  මීට ලොකුම විරෝධය මතු වන්නේ මහ සංඝ රත්නයෙන් බව එතුමා දන්නවා.  නෝර්වේ තමන්ගේ සාම වෑයම නමින් කළ බෙදුම්වාදි ව්‍යාපෘතිය පිළිබඳ කල සමාලෝචනයේ දීත් ඔවුන්ගේ ව්‍යාපෘතිය අසාර්ථක වීමට වැඩියෙන්ම බලපෑවේ භික්ෂුන් වහන්සේලා බව සඳහන් කර තිබුණා.  මේ බව හොඳටම දන්නා අගමැතිතුමා පෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් මහ සංඝරත්නය දිනා ගැනීමේ අරමුණෙන් සැප්තැම්බර් 27 දා අරලිය ගහ මන්දිරයේ දී දහසක් භික්ෂුන් වහන්සේලාට දානයක් පිලියෙල කර තිබෙනවා.

මේ දානයට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ පොලිසිය හරහා.  උන් වහන්සේලාට වැඩම කරන්න අගමැති කාර්යාලයෙන් වාහන දෙනවා විතරක් නොවේ උන් වහන්සේ සමග යන්න පොලිස් නිළධාරියෙකුත් දෙනවා.  ඔබ වහන්සේලාට මේ ආරාධනා කරන්නේ දානය වළඳන්න නොවේ.  රට වලඳන්න.  පෙඩරල් දානය වැළඳුවොත් දිරවන්න අපහසුයි.  ඒ නිසා ඒ දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමි මහ සංඝරත්නයෙන් අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා

– අරවින්ද අතුකෝරල

32 views

11 Comments to “අරලිගහ මැදුරේ භික්‍ෂුන් දහසකට ෆෙඩරල් දානයක්.. සාදු කියන්න පංවතුනි..”

  1. Upul says:

    ජනාධිපතිවරණ පනත සංශෝධනය 2020 දී..මීලග ජනාධිපතිවරණය 2025 දී….

  2. Kings says:

    ගම්මම්පිල මහතාණෙනි. ඔහොම කිව්වට දානෙට වඩිනව අපේ හාමුදුවරු. ඒ කරල ඉවර වෙල වරප්‍රසාද ටික ටික බෙදුවට පස්සෙ මේ ෆෙඩරල් ව්‍යවස්ථාව හොඳ එකක් කියයි. අද කාලෙ හාමුදුරුවරු බොහෝමයක් ඒ ජාතියෙ තමයි. සිංහල ජාතියත්, බෞද්ධාගමත් ‍රැක ගන්න ඉන්න අතලොස්සක් හාමුදුවරුත් නිහඬ කරලයි තියෙන්නෙ. අද කාලෙ හැම දෙයක්ම දේශපාලනීකරනය වෙල ඉවරයි. අපිට තියෙන්නෙ බලා ඉන්න විතරයි.

    • Saradiel says:

      රනිල්ගේ අන්ගලිකන් දනය වැළදීමට යාමට මේ භික්ෂුන් වහන්සේලාට ලජ්ජා නැද්ද ?
      අපේ රට ජාතිය බෞද්ධාගමට විනකරන රනිල්ගෙන් දානය වැළදීම බුදු සසුනට කරන නිගාවකි මෙයට සහබාගි නොවන ලෙස ගෞරවනීය භික්ෂුන්වහන්සේලාගෙන් ඉල්ලමි

  3. dabara says:

    Ane varjanaya kese vethath 1000 ta 2000 k yanava shuvar

  4. Wimal Weerawansa says:

    Saaaaadu…. Saaaaaadu…… Saaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa….

  5. danu says:

    මූව අල්ලල හිරේ දාන්න බැරිද වාහන අවබාවීතයට සහ දාන දෙන්න මුදල් අවබාවිතාවට විරුද්දව

    • SUNIMAL says:

      ගෞරවනීය මහා සංඝයාවහන්සේලා,
      මේ ත්‍රස්තවාදීන්ට කඩේ යන අපේ රට ජාතිය ආගමට වින කරන රනිල් දේශද්‍රෝහියාගේ ඇන්ගලිකන් සර්වාගමික උමතු දානය වර්ජනය කරන ලෙස අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමු ..

  6. Open mind says:

    ඒ අය චීවරධාරීන් වේවිද ? බලා ඉඳිමු අහිංසක ප්රතිචාර…….

    • JOY says:

      ..මෙයට සහබාගි වන කිසිම භික්ෂුවක් රට ජාතිය ආගමට ආදරය කරන භික්ෂුවක් ලෙස අපි පිලි නොගනිමු …
      මේ ආණ්ඩුව නෙරපා දැමීමට ගරුතර සංඝරත්නය සමග රටේ සියලුම දේශහිතෙෂි ජනතාව පාරට බැසිය යුතුයි ..
      කථා කරමින් ,ලිවීමෙන් දැන් පලක් නැත ..මුළු රටම පාරට බැස පාර්ලිමේන්තුව වටලා උද්ගෝෂණ කල යුතුයි

  7. Vasana says:

    දේශද්‍රෝහී රනිල්ගේ දානය වර්ජනය කරන්නැයි දේශප්‍රේමි මහ සංඝරත්නයෙන් අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා

  8. yako wiyadam janatha salliwalin. munta hena gahanna ooni ape salline? eka wwelak kanna nethi, yanna parak nethi bonna watura nethi inna geyak nethi daruwanta paselek neth minissu kee dahak innawada manussayoooo

Main News