අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

November 29, 2020 at 3:00 pm | lanka C news
අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් පළකරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මැදුර ලොක්ඩවුන් කර නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සත්‍යය නොවන බවයි.

මෙවන් අසත්‍ය ප්‍රකාශ නිසා අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා කිසිදු කරුණක් සැඟවීමට උවමනා නැති බවත් රොහාන් වැලිවිට මහතා මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැති බවත් සඳහන් කර ඇත.

තමන්ද අරලියගහ මැඳුරේ කාර්යාලයක කටයුතු කරන බව නිවේදනයේ ඇතත් එවන් කාර්‍යාලයකින් එහි නොමැති බවද පවසන රාජපක්ෂ මහතා තමන් පසුගිය දින කිහිපය පුරාම රැස්වීම් පැවැත්වූයේ වෙනත් ස්ථානවල බවද කියාසිටී.

පුවත්පත් වාර්තාව මෙතනින්..

63,919 views

7 Comments to “අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්”

  1. Aniwa says:

    Aniwa sir!
    You are our next president.
    You all Highnesses are immune to Corona as we all know. Jaya wewa sir!

  2. මර්තේනිස් අයියා says:

    කොහොම වුනත් රටම ඇරලා ඉස්කෝලත් ඇරලා ඕක විතරක් වහගෙන හිටියම මදෑ

  3. ඔයා හරි ස… අපේ ඊලග ස…

  4. Jagath says:

    කොමිස් කුට්ටියක්‌ කතා කරයි.

  5. Kalana says:

    කාලකන්නි තොපිට පුළුවන් ළමයින්ට පාසල් යන්න, තොපේ ළමයි නෙමෙයිනේ. ජාතියත් නැති කරලා රටත් නැති කරන්න ආපු රාජපක්ෂ හැති කරේ.

    • Ari says:

      ඔව් ජාතිය, රට රැකිල තියන හැටි බලන්න තිබුන 2005 දි යන්තම් 50.29% කින් මහින්ද රාජපක්ෂ දින්නෙ නැත්නම්. එහෙනම් අද මාන්කුලමෙන් එහාට යන්නෙ වීසා අරං.

  6. දප්පුල says:

    අලුතෙන් රාජපක්ෂ පරපුරට එකතුවූ මාමන්ඩි ලා , නැන්දම්මලා ඇතුළු පරම්පරාව” කොරෝනා වසංගතයෙන් බේරෙන්න මංදිරය තුලට වී ලොක්ඩවුන් කරගෙන ඇත.

Main News