අරලිය ගහ මන්දිරය කුලියට දීමට තීරණය කරයි.. චතුරගේ වෙඩිමෙන් පොදු දේපල පනත කඩයි.. චතුර අගමැතිව අල්ලයි..

August 31, 2018 at 10:00 am | lanka C news
අරලිය ගහ මන්දිරය කුලියට දීමට තීරණය කරයි.. චතුරගේ වෙඩිමෙන් පොදු දේපල පනත කඩයි.. චතුර අගමැතිව අල්ලයි..

අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන ශාලව මංගල උත්සව ආදී උත්සව සදහා කුලියට දීමට තීරණය කර ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගලෝත්සවය ඊයේ දිනයේ එහි පැවැත්වීම ගැන විමසීමේදී අරලිගහ මන්දිරයේ පාලනාධිකාරිය විසින් මෙසේ පැවසූ බව වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් චතුර සේනාරත්න මහතා ඊයේ දිනයේදී කියා සිටියේ තම මංගල උත්සවට ලබා දුන් නැකැත් අනුව වෙනත් ශාලාවක් නොතිබූ නිසා අරලිය ගහ මන්දිරය නොමිලයේ ලබා දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බවයි.

විපක්‍ෂය චෝදනා කරන්නේ අරලිගහ මන්දිරය පුද්ගලික කටයුතු සදහා භාවිත කිරීම පොදු දේපල අවභාවිතයක් බවත් ඊට එරෙහිව නීතිමය කටයුතු කල යුතු බවත්ය.

367 views