අරලිය මංගල උත්සව ශාලාව අගමැති වසා දමයි.. චතුර සේනාරත්න ලංකා ඉතිහාසයට එක්වේ..

September 7, 2018 at 10:40 am | lanka C news
අරලිය මංගල උත්සව ශාලාව අගමැති වසා දමයි.. චතුර සේනාරත්න ලංකා ඉතිහාසයට එක්වේ..

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ශාලාව ඉදිරියේදී විවාහ මංගල උත්සව සඳහා ලබා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේදී දක්වන ලද අදහස් සැලකිල්ලට ගනිමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය අරලිය ගහ මන්දිරයේදී පසුගියදා පැවැති අතර මෙම තීරණය අනුව එහි පැවති අවසන් මංගල උත්සවය එය වෙයි.

මීට පෙරද අරලියගහ මන්දිරයේ මංගල උත්සව පවත්වා නැතත් විවාහ සදහා අත්සන් කිරීම් ගණනාවක් සිදුව ඇත.

ඒ අනුව අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ එකම පුද්ගලයා ලෙස චතුර සේනාරත්න මහතා ඉතිහාසයට එක්වෙයි.

169 views
Main News